brand logoaward badge

මාලදිවයිනේ රැඳී සිටි පිරිසක් දිවයිනට

13 June 2020

මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ඔවුන් මාලේ නුවර සිට අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇත. මාලදිවයිනේ රැකියාවන්හි නිරත වී සිටි පිරිසක් මෙලෙස පැමිණ ඇති අතර කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ඔවුන් දිවයිනට පැමිණීමට නොහැකිව එරට සිර වී සිට ඇති බව සඳහන් වේ. දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිස කටුනායක ගුවන් තොටුපලේ දී පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර අදාල වාර්තා ලැබෙන තෙක් ඔවුන් සංචාරක හෝටල් කිහිපයක නවාතැන් ගෙන තිබේ. අදාල පරීක්ෂණ වාර්තා නිකුත් වීමෙන් අනතුරුව එම ශ්‍රී ලාංකිකයින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.
 

More News..