brand logo

මාර පරාජය

14 September 2021

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරග තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලිය 3-0 ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව අද (14) රාත්‍රීයේ සමත්විය. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 120ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 120 පන්දුවාර 14.4 කදී ලබා ගත්තේ කිසිම කඩුල්ලක් දැවී යාමට ඉඩ නොතබාය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්වින්ටන් ඩි කොක් පන්දු 46ක දී ලකුණු 59ක් ලබා ගත් අතර ඊට හතරෙ පහරවල් හතක් අන්තර්ගත විය. ඔහු සමඟ ආරම්භක කඩුල්ලේ වාර්තාගත සම්බන්ධතාවක් පැවැත්වූ රීසා හෙන්ඩ්‍රිරික්ස් පන්දු 42කදී ලකුණු 56ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ එකම ක්‍රීඩකයා වූයේ කුසල් පෙරේරා පමණි. ඔහු පන්දු තිස් තුනක දී ලකුණු 39ක් ලබා ගත්තේය. විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් විස්සයි විස්ස තරගාවලිය මෙය වේ.
 

More News..