අතන මෙතන

මාරාකුලම වැවේ ගිලී උසස් තාක්ෂණ ශිෂ්‍යකු මරුට

මිතුරෙකුගේ පියාගේ මළගමට සහභාගිවීමට ගිය ගාල්ල ලබුදූව උසස් අධ්‍යාපන තාක්‍ෂණ ආයතනයේ පළමු වසර ශිෂ්‍යයකු ඊයේ(16) තිරප්පනේ මාරාකුලම වැවේ දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි තිරප්පනේ පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර අපරැක්ක ප්‍රදේශයේ පදිංචි දන්දෙණිය ගමගේ කළණ සංදීප නැමති විසි එක් හැවිරිදි තරුණයෙකි.

මිය ගිය අය තම උසස් අධ්‍යාපනය හදාරණ ආයතනයේ තිරප්පනේ පදිංචි මිතුරෙකුගේ පියාගේ අවමංගල්‍යයකට සහභාගිවීම සඳහා ඉකුත් සෙනසුරාදා (15) සහභාගි වී තිබේ.

එම අවමංග්‍ය උත්සවයෙන් පසුව අධ්‍යාපන ආයතනයෙන් පැමිණි අනෙකුත් සහෝදර සිසුන් ආපසු ගිය ද සිසුන් හතරදෙනෙකු සමග ඔහු නතර වී ඇත්තේ පියාගේ අභාවයෙන් සංවේගයට පත්ව සිටි මිතුරා සමඟ දුක බෙදාගැනීම සඳහායි.මෙලෙෂ නතර වූ මෙම ශිෂ්‍ය පිරිස ඊයේ (16) සවස මාරාකුලම වැවට දිය නෑම සඳහා ගොස් ඇත.

පසුව මිය ගිය වැවේ දිය නෑමට බැසීමෙන් පසු තොරතුරක් නොලද නිසා ඒ පිළිබඳ සොයා බැලීමේ දී දියේ ගිලී සිටිය දී කළණ සංදීපගේ සිරුර හමු වී ඇත.

පසුව 1990 සුවසැරිය ගිලන් රථයෙන් අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කළත් රෝහලට ඇතුලත් කිරීමේ දී ඔහු මිය ගොස් ඇතැයි තිරප්පනේ පොලීසිය කියයි.

මියගිය අය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරක්‍ෂණය අද (17) සිදු කිරීමට නියමිතව තිබිණ.

තිරප්පනේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආර.එම්.අයි.බණ්ඩාර රත්නායක මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.