brand logo

මාත් මේ කල්පනා කරන්නේ ඒ ගැන

06 January 2022

අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගැන ඇමති විමල් කියූ දේ

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන තමන් කිසිවක් නොදන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද (06) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මාධ්‍යවේදියා - "ආණ්ඩුව විවේචනය කරන අයව ක්ෂණිකව ඉවත් කරනවා නේද? සමහරු චෝදනා කරනවා ඒත් ඔබතුමා ඉන්නවා කියලා." විමල් වීරවංශ - "ඒකට ඉතින් මම කොහොමද උත්තර දෙන්නේ. මාත් මේ කල්පනා කරන්නේ ඒ ගැන. " මාධ්‍යවේදියා - "ඒ කියන්නේ ඔබතුමාත් ඉන්නේ ඇයි කියලා ද?" විමල් වීරවංශ - "ඔයා අහපු ප්‍රශ්නය ගැන මං කිව්වේ (සිනාසෙමින්)" "අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන මං කිසිදෙයක් දන්නේ නෑ. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. ඇති නේ. අපි තේ එකක් බීලා එන්නම්."
 

More News..