brand logo

මාතර උද්‍යාන පාරටත් කොරෝනා යයි

22 October 2020

මාතර ප්‍රදේශයේ පදංචි විශ්‍රාමික වෛද්‍යවරියකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඇය මාතර ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරියකි. එම වෛද්‍යවරියගේ සහෝදරයා කළුතර මතුගම ප්‍රදේශයේ පදිංචි කොවිඩ්-19 ආසාදිතයෙක් ලෙස ද හදුනාගෙන තිබේ. මාතර උද්‍යාන පාර ප්‍රදේශයේ පදිංචි එම වෛද්‍යවරියගේ ආශ්‍රිතයින් සොයා ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමට පියවර ගෙන ඇත. අදාළ වෛද්‍යවරිය හා ඇගේ ස්වාමිපුරුෂයා ස්වයං නිරෝධායනයට යොමුව සිටියදී මෙලෙස වෛද්‍යවරිය පමණක් ආසාදිත බවට තහවුරු වී තිබේ. ඇය මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව තොරතුරු වාර්තා වේ.
 

More News..