brand logo
logo

මහ කන්නයේ සිට වී 52 ට ගත්තොත් හාල් 110 ට නගී

04 January 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මහ කන්නයේ සිට ගොවීන්ගෙන් වී මිලදී ගන්නා මිල ගණන් අනුව දැනට රජයේ පාලන මිලට සහල් ලබා දීමට නොහැකිවනු ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පැවසීය. ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ලෙස ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව නාඩු වී කිලෝග්‍රෑමය රුපියල් 52 කටත්, සම්බා කිලෝව රුපියල් 57 කටත්, කීරි සම්බා කිලෝව රුපියල් 63 කටත් මිලදී ගන්නා බවට සඳහන් කර ඇත. කෙසේ වෙතත් රජය හා මෝල් හිමියන් අතර වී සහල් කිරීමේ සූත්‍රය අනුව 2:1 අනුපාතය අනුව නාඩු සහල් (52×2:1) කිලෝවක් රුපියල් 109 කටත්, සම්බා සහල් (57×2:1) කිලෝවක් රුපියල් 119 කටත් කීරිසම්බා සහල් (63×2:1) කිලෝවක් රුපියල් 132 කටත් අලෙවි කිරීමට සිදු වේ. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුව සමයේ නාඩු වී කිලෝවක් රුපියල් 38 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 41 කටත් මිලදී ගත් අතර මේ වන විට එම වී වලින් නිෂ්පාදනය කරනු ලබන නාඩු සහල් කිලෝවක් රුපියල් 98 කටත්, සම්බා සහල් 99 කටත් අලෙවි කළ යුතු බවට අති විශේෂ ගැසට් පත්‍රයක් පළකර ඇත. චමින්ද සේනාරත්න
 

More News..