අතන මෙතන

මහ එවුන් ඇතුලේ අදත් අපි එළියේ – එජාප සංවත්සරයේදී පොඩි පොඩි අය බැණ බැණ යති

පසුගිය සති අන්තයේ අගමැතිවරයා සේරුවාවිල ගියේ නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ ආරාධනයෙනි. ඒ මංගල රජ මහා විහාරයේ ධර්ම ශාලාව සහ සංඝාවාසය මෙන්ම නව මාර්ගයක් ද විවෘත කිරීමටය. එම විහාරයේ ගිහි අනුශාසක ඇමති නවීන් දිසානායක එදින සේරුවාවිල ගියේ අගමැති හා එකම හෙලිකොප්ටරයෙනි. දෙදෙනා පිලිගත්තේ බෝගොල්ලාගමය. පිරිස දිවා ආහාරය ගත්තේ යලි කොලඹ පැමිණය.

”වැඩ කරපු හා වැඩ කරන 72” යන තේමාව යටතේ එජාප සංවත්සරය බ‍්‍රහස්පතින්දා සිරිකොතේදි පැවති අතර අගමැතිවරයා එහි ගියේ රැස්ව සිටි අති විශාල ජනතාවකගේ උණුසුම් පිලිගැනීම් මැදය. ප්‍රධාන උත්සව ශාලාවට ඇතුළු වීමට පහසුකම් සලසා දී තිබුණේ..පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට, පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට සහ පක්ෂයේ නිලධාරීන්ට පමණය..පළාත් පාලන ආයතන නියෝජිතයින් සියලූ දෙන ශාලාවෙන් එපිටටවන්නට තිබු තාවකාලික ශාලා තුලය..ප‍්‍රධාන ශාලාවේ සිදුවන දෑ ඔවුන්ට ඩිජිටල් තිර සවිකර පෙනෙන්නට සලස්වා තිබුණි..මේ සම්බන්ධයෙන් එජාප පළාත් පාලන නියෝජිතයින් දැඩි අප‍්‍රසාදය පල කරන්නට විය..‘‘හැමදාම මේ මහා එවුන් ටික කරන්නේ අපිව එළියේ තියලා ඇතුලට රිංගලා සැප ගන්න එක‘‘ නුවරින් පැමිණි නියෝජිතයෙක් පැවසිය.ඊට එකතු වෙමින් ‘‘අපිට සලක්කන්නේ පිළිකන්නේ තියලා ඒ වුනාට කියන්නේ අරෙහෙම කරනවා මෙහෙම කරනවා..අපි ඕන ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්න‘‘ ගාල්ලෙන් පැමිණ සිටි නියෝජිතයෙක් පැවසිය.