brand logo

මහින්ද විමල් ගැන කියූ අනාවැකිය

31 July 2022

විමල් පනීද?

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ තේ පානය සඳහා පාර්ලිමේන්තු භෝජනා ගාරයට ගියේද මන්ත්‍රීවරු පිරිසක් සමගිනි. එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද ආවේය.

‘‘මම ආණ්ඩුවෙන් පොඩි කාලයකට එළියට ගියා. ඒ කාලේ මන්ත්‍රීවරු කියපුවා මමනේ දන්නේ. ඔබතුමාගේ අගය එළියේ ඉන්න අයට තේරෙන්නේ නැහැ’’ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හිටපු අගමැතිවරයාගෙන් ලකුණු දා ගැනීමේ අරමුණින් කීවේය.

‘‘මෙයා ආයෙත් අපේ පැත්තට කරනමක් ගහන්න වගේ හදන්නේ‘’ හිටපු අගමැතිවරයා සිනහසෙමින් කීවේය. කෙසේ වෙතත් හදිසි නීති විවාදයේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ආණ්ඩුවට පක්ෂව කතා කිරීම කාගේත් අවධානයට යොමු විය.

‘‘මම කීවේ හූනා කිව්වා වගේ’’ යැයි හිටපු අගමැතිවරයා විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ කතාවෙන් පසු මන්ත්‍රීවරුන්ට කීවේය.

- උදයජීව
 

More News..