brand logo

මහා වංශය බොරු කියූ විග්නේශ්වරන්ගෙන් පොලීසිය ප්‍රකාශයක් ගනී

12 October 2020

තමන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ පෙරේදා (10 වැනිදා) සවස ප්‍රකාශයක් සටහන් කරගත් බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් පවසයි. 2019 වසරේ දෙසැම්බර් 14 වැනිදා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ නමක් සිදුකළ පැමිණිල්ලක් මත මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත. දෙමළ ජනතාවගේ ඉතිහාසය හා මහාවංශය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් තුළින් ජාතිවාදය ඇවිස්සෙන බවට අදාළ පැමිණිල්ල යොමුකොට තිබේ.   මාධව කුලසූරිය - වවුනියාව
 

More News..