අතන මෙතන

මහා පරිමාණයේ වැලි ජාවාරමක් වටලා සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට

මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (1) සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ හැඩඔය සහ කුඩාඔය යන ඔයවල් වල සිදු කල වැටලීමකදී නීති විරෝධීව වැලි ගොඩ දැමීමේ නිරත වූ පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් දීර්ඝකාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇඹිලිපිටිය සහ සියඹලාණ්ඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.

සැකකරුවන් සන්තකයේ තිබී වැලි ගොඩ දැමිම සදහා යොදාගත් උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩි දුර විමර්ශන සදහා සියඹලාණ්ඩුව පොලිසිය වෙත භාර දී ඇති අතර ඉදිරි විමර්ශන කොඨ්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් සිදු කරයි.