News

මහමැතිවරණයට මහින්ද කුරුණෑගලින් ජී.එල් පීරිස් කියයි

ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් ඉදිරි මහ මැතිවරණයේදී ලබා ගැනීමට හැකි වන බවට විශ්වාසයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කරයි.

නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ අද (27) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව ප්‍රකාශ කළ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.