brand logo

මහජන බැංකුව මහනුවරදී ලෝක ළමා දිනය සමරයි

20 October 2020

මහජන බැංකුව, ලෝක ළමා දිනය වෙනුවෙන් පසුගියදා කැන්ඩි සිටි සෙන්ටර්හි සංවිධානය කළ විශේෂ වැඩසටහනකට අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී. දරුවන් වෙනුවෙන්ම සැකසූ විශේෂ විනෝදාත්මක අංග, සංගීත හා නර්තනාංගවලින් මෙන්ම අධ්‍යාපනික හා විනෝදාත්මක ක්‍රීඩාවලින් සමන්විත වූ මෙම වැඩසටහන නෙත් FM නාළිකාව විසින් සංවිධානය කර තිබිණි. මහජන බැංකුව ද මෙහි ක්‍රීිඩා තරග රැසක් සඳහා අනුග්‍රාහකත්වය ලබා දුන්නේය. එමෙන්ම එම තරගවල ජයග්‍රහකයන්ට මෙන්ම සහභාගි වූ සියලුම දරු දැරියන්ට විශේෂ තිළිණද පිරිනමන ලදී. මෙහිදී කුඩා කාලයේ පටන් ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කරගැනීමේ වැදගත්කම පිළිබඳව දරු දැරියන් දැනුවත් කළ අතර, මහජන බැංකුවේ ඉසුරු උදාන හා සිසු උදාන ගිණුම් ඔස්සේ ලබාදෙන ප්‍රතිලාභ පිළිබඳවද දැනුවත් කෙරිණි. මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් නන්දන ගලබොඩ, මහජන බැංකුවේ මහනුවර සහකාර ප්‍රාදේශීය කළමනාකාරිණී දිස්නා ජයතිස්ස, ප්‍රවීණ රංගන ශිල්පිනි නිල්මිණි කෝට්ටේගොඩ, මහජන බැංකුවේ නිලධාරින් සහ දරු දැරියන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
 

More News..