Uncategorized

මහජන බැංකුවෙන් විශ්ව විද්‍යාල අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් පරිගණක

රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට අනුව මහජන බැංකුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා එක්ව 2019/20 අධ්‍යයන වර්ෂය තුළ විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප් ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහනේ සමාරම්භය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

මහජන බැංකුව මෙම ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 03කි. මේ යටතේ ලබාදෙන උපරිම ණය මුදල රු 100,000 කි. මෙහි උපරිම සහන කාලය වන වසර 4 ක් ද ඇතුළුව උපරිම ආපසු ගෙවීමේ කාලය වසර 6 කි. සහන කාලය තුළදී මාසික ණය වාරිකයට අදාළ පොලිය පමණක් ගෙවීමට සිසු සිසුවියන් හට අවස්ථාව ලබාදී තිබීම විශේෂත්වයකි.