අතන මෙතන

මස් රාත්තලටම විදින පොටක් කිරිඇල්ල කියයි

අරලියගහ මන්දිරයේදී එජාප මන්ත‍්‍රීවරු පිරිසක් බර කතාවක නියැළෙනු දුටු ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා ද එතනට ආවේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීලගෙ පඩි වැඩි කිරීමට විරුද්ධ වීමට එජාපය තීන්දු කිරීම වටිනවා නැත්නම් මිනිස්සු අපේ ඔළුව කාවි.” නවීන් දිසානායක කීවේ තිගැස්මෙන් යුතුවය.

ඔය ප‍්‍රශ්නය ගැඹුරින් බලන්න වෙනවා. 2006 දී මහින්ද රාජපක්ෂ ජෙයරාජ් හරහා පනතක් සම්මත කළා විනිශ්චයකාරයින්ගේ පඩි වැඩිවෙන කොට මැති ඇමති පඩිත් වැඩි විය යුතු බවට. පක්ෂ නායක රැුස්වීමේදී ඒක මතු වුණාම සියලූ පක්ෂවල නායකයො ඊට එකඟ වුණා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

ඒත් ජනාධිපතිතුමාගේ වැටුප 95000 ක් වෙද්දි මන්ත‍්‍රීලට ලක්ෂ හතරක් බව එතුමා කිව්වේ මොන පදනමින්ද?” චමින්ද විජේසිරි ප‍්‍රශ්න කළේය.

ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත‍්‍රීල ගැටලූ ඉදිරිපත් කරන්නෙ සභානායක ලෙස මටයි. මන්ත‍්‍රී වැටුප රුපියල් 54000 යි. වරාය කම්කරුවෙකුත් ලක්ෂයක් විතර ගන්නවා. මන්ත‍්‍රීලගෙ වැටුප ලක්ෂ ගණන් කියල කියන්නේ ලබා දෙන වාහනය, ඉන්ධන, කාර්යාල හා සේවක වැටුප් ඔක්කොම එකතු කරලයි. මන්ත‍්‍රීලට වාහන කාල ඉන්ධන බීල කාර්යාල ඩෙසර්ට් එකට ගන්න බෑ. රුපියල් 54000 න් මළ ගෙවල් මගුල් ගෙවල් වලටත් දෙන්න වෙනවා. ආසියාවේ අඩුම වැටුප ලංකාවෙයි. සිංගප්පූරුවෙ මන්ත‍්‍රී කෙනෙකුට රු. කෝටි 10 ක් ලැබෙනවා. ඒ නිසා මන්ත‍්‍රීලගෙ වැටුප් ගැන යථාර්ථවාදීව හිතන්න ජනමාධ්‍ය ඇතුළු කාටත් වගකීමක් තියෙනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග‍්‍රහයට කාගේත් එකඟත්වය පළ විය.