brand logo

මස්කෙළිය අනෆි මුස්ලිම් දේවස්ථානයෙන් පිහි 49ක් සොයාගැනේ

27 April 2019

මස්කෙලිය අනෆි ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ අද (27) උදැසන සිදු කළ හදිසි සොදිසි මෙහෙයුමකදි එහි තිබි පිහි 49 ක් පොලීසියේ භාරයට ගෙන තිබේ. අදාළ මුස්ලිම් දේවස්ථානයේ ගබඩා කාමරය සෝදිසි කිරීමේදී මෙම පිහි පොලීසිය විසින් සොයාගෙන ඇත. ගබඩා කාමරයේ පිහි 49 ක් සහ පොරො තුනක් තබා ගැනිම සම්බන්ධයෙන් පොලිසිය වෙත කරුණු ඉදිරිපත් කිරිමට එම ගබඩාවේ භාරකරු අසමත් විම නිසා එම ගබඩා භාරකරුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.  
 

More News..