අතන මෙතන

මස්කෙළියේ තේ දළ නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයකින් සිව්දෙනෙකුට තුවාල

මස්කෙළිය, සාමිමලේ, ඕල්ටන් තේවතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (06) පෙ.ව. 11.30 ට පමණ එල්ලවූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් සිව් දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරනු ලැබූහ.

රෝහල් ගත කරන ලද තුවාලකරුවන්ගෙන් තිදෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගිය බවත්, බරපතල තත්වයේ සිටි අයෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් මස්කෙළිය රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

තමන් තේ වතුයායේ, දෛනික වැඩ මුරයේ තේ දළු නෙළමින් සිටියදී තේ පඳුරක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා සිටින වතු කම්කරුවෝ පැවසූහ.

ඡායාරූප හා සටහන- විජිත බණ්ඩාර මස්කෙළිය