අතන මෙතන

මලික්ට එරෙහි විශ්වාසභාංගයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීම පසුගිය අගහරුවාදා උදේ පාර්ලිමේන්තු කමිටු කාමර අංක 02 දී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස් විය. එහිදී මූලික අවධානය යොමු වූයේ එළඹ ඇති පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු පිළිබඳව ය. ඉන් අනතුරුව වෙනත් කරුණු සාකච්ඡවට බඳුන් විය.

‘‘අප විසින් අවස්ථාව උදාකර ගන්නා සභාව කල් තබන අවස්ථාවේ විවාද සඳහා ඇතැම් විට ගණ පූර්ණය නොමැති වීම නිසා අතහැර දැමීමට සිදු වෙනවා. එම විවාදවලට අපේ මන්තී‍්‍රිවරුන් සහභාගී වීම අනිවාර්ය කළහොත් මේ ප‍්‍රශ්නයට පිළියම් ලැබේවි. එහිදී යම් ගැටළුකාරී තත්වයක් පිළිබඳව පෙන්වා දෙමින් රංජිත් සොයිසා මන්තී‍්‍රවරයා සඳහන් කළේය.

‘‘අපි මේ කල්තබන අවස්ථාවේ විවාද ඉල්ලා සිටින්නේ රටට බලපාන බොහෝ කාලීන ප‍්‍රශ්න පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවන්නයි. මේවා අතරමග නතර වීම කිසිසේත්ම සුදුසු නැහැ. ඒ නිසා කල් තබන අවස්ථාවේ විවාද සඳහා සහභාගී වීම කෙරෙහි කාගෙත් දැඩි අවධානය යොමු විය යුතුව තිබෙනවා.’’ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කළේය.

‘‘මලික් සමරවික‍්‍රම ඇමතිවරයා, සිංගප්පූරු – ශ‍්‍රී ලංකා වෙළඳ ගිවිසුම අත්සන් තැබීමට කටයුතු කර ඇත්තේ නීතියට පටහැනිව බව දැන් තහවුරු වී අවසන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිකයන් පෙන්වා දුන් කරුණු, මේ පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිතුමන් පත් කළ කමිටුවේ වාර්තාවෙන් මනා ලෙස සනාථ වී තිබෙනවා. ඒ නිසා අපි විපක්‍ෂය විදියට මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ යුතුයි.

ඒ වගේම ඊ. ඒ. පී. සමූහය සතුව තිබූ ස්වර්ණවාහිනී ඇතුළු ව්‍යාපාරික ආයතන ලයිකා මොබයිල් නැමැති කොටි හිතවාදී ආයතනයකට අඩු ලංසුවකට විකුණා දැමීම පිළිබඳවත් පාර්ලිමේන්තුවේ දින 02ක විවාදයක් ඉල්ලා සිටිය යුතුයි’’ ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා යෝජනා 02ක් ඉදිරිපත් කරමින් පවසා සිටියේය.

ඊ.ඒ.පී ආයතනය, ලයිකා මොබයිල් සමාගමට විකුණා දැමීම පිළිබඳව විවාදයක් ඉල්ලා සිටීමට මන්ත‍්‍රී කණ්ඩායමේ ඒකමතික අනුමැතිය පළ කළ අතර මලික් සමරවික‍්‍රම ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් හෝ සිංගප්පූරු – ශ‍්‍රී ලංකා වෙළඳ ගිවිසුමෙන් රටට සිදු වූ හානිය පිළිබඳ එක් දින විවාදයක් ගෙන ආ යුතු බවට සාකච්ඡුා විය. විපක්‍ෂයේ පක්‍ෂ නායක රැුස්වීමේදී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට ද තීන්දු විය.

‘‘විවිධ හේතු ඉදිරිපත් කරමින් ඡුන්දවලට බිය වී ඇති පිරිස් පළාත් සභා ඡුන්දය කල් දමමින් සිටිනවා. අපි කෙසේ හෝ පළාත් සභා මැතිවරණය ලබා ගැනීමට උත්සාහ කළ යුතුයි’’ දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා කරුණු දක්වමින් පවසා සිටියේය.