පලා පල

මරු නිරිතට එයි

2021 සැප්තැම්බර් මස 08 වැනි බදාදා

රාහු කාලය දිවා 12.08 සිට 01.40 දක්වා රාත්‍රී 12.08 සිට 01.37 දක්වා

ශුභ දිසාව- දකුණ, මරු සිටින දිසාව- නිරිත

මේෂ

ධෛර්යයෙන් වැඩ කරයි

මිල මුදල් ලැබීම මධ්‍යස්ථයි. කේලාම් ඔ්පාදූප හේතුවෙන් සතුරන් ඇති වේ. රැකියා ස්ථානයේ දෝෂාරෝපණ එල්ල විය හැක. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි. ස්ත්‍රී පක්ෂයෙන් වාසි ප්‍රයෝජන අත්පත් වේ. ධෛර්යයෙන් වැඩකටයුතුවල නිරත වේ. ඇඳුම් පැලඳුම්වල වෙනස්කම් ඇති වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.

වෘෂභ

ගෙදරදොර අපිරිසිදු වේ

මිල මුදල් හානි පෙන්වයි. ඥාති මිත්‍රාදීන් සමග ආරවුල් ඇති වේ. සිතේ භය සංකා ඇති කරයි. කල්පනාවෙන් හා ඉවසිලිමත්ව ක්‍රියා කළ යුතු දිනයකි. කරගෙන යන කටයුතු නිසියාකාරව ඉටුකර ගැනීමට බාධා පැමිණේ. ගෙදරදොර වටපිටාව අපිරිසිදු තත්ත්වයට පත් වේ. හිතවත් අයකුගෙන් සංග්‍රහයක් ලැබේ.

මිථුන

සිතේ සැක ඇති වේ

නිෂ්ඵල ගමන් යෙදේ. ඒ් හේතුවෙන් වියදම් පක්ෂය ඉහල යයි. කරගෙන යන කටයුතුවල අවුල් වියවුල් තත්ත්වයක් ඇති වේ. රැකීරක්ෂා කටයුතුවල යෙදීමේ දී උදාසීන ගති මතු කරයි. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් පෙන්වන්නේ නැත. සිතට සැකයක් පහල වේ. ශුභ කටයුතුවලට අත ගැසීමට සුදුසු දිනයක් නොවේ.

කටක

ජලයෙන් පීඩා

නිෂ්ඵල ලෙස මුදල්ව වියදම් වේ. මිත්‍රයෙක් සමග අවුල් වියවුල් ඇති විය හැක. කරගෙන යන කටයුතු අසාර්ථක වීමට හෝ ප්‍රමාද වීමට ඉඩ තිබේ. ලාභ ප්‍රයෝජන අඩු දිනයකි. අත්වැරදීමකින් පාඩුවක් සිදුවිය හැක. කේලාම් ඕපාදූප හේතුවෙන් රැකියාවේ ගැටලු මතු වේ. ජලයෙන් පීඩා ඇති කරයි. අනතුරු පෙන්වයි.

සිංහ

දියුණුවට බාධා

අධික වියදම් යෙදේ. අන්‍යයන්ගේ කතාබහ හේතුවෙන් තාමට අගෞරව සිදු වේ. දියුණුවට ඇති මාර්ගවලට බාධා අවහිරතා පැමිණේ. එදිනෙදා කටයුතුවලට ද බාධා ඇතිවිය හැකි බැවින් ධෛර්යවන්තව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් අඩුපාඩු හේතුවෙන් යම් යම් වැඩ අතහැර දැමීමට සිදු වේ. ශරීරයේ අප්‍රාණික ගති මතු කරයි.

කන්‍යා

ජලය සම්බන්ධ වෙළෙඳාම්වලට ශුභයි

මිල මුදල් ලාභ හිමියි. වාසනාවන්ත දිනයකි. තමාගේ කටයුතුවලට අනුන්ගේ උදව් උපකාර හිමි වේ. වස්තු ලාභ හිමියි. ජලය සම්බන්ධ වෙළෙඳාම්වලින් වැඩිපුර වාසි ලබයි. කය වෙහෙසා වැඩ කරයි. පවුලේ වැඩිහිටියන් සමග ඇති සබඳතා වැඩි වේ. මවගේ ඥාතීන්ගෙන් උදව් උපකාර හිමි වේ. ධෛර්යවන්ත වේ.

තුලා

වැරදි අවබෝධයෙන් ගැටලු

මුදල් සම්බන්ධ අගහිඟතා ඇති වේ. නඩුහබවල පැටලී ඇත්නම් විරුද්ධ පාර්ශ්වයේ තර්ජන එල්ල වේ. නැතහොත් පවුලේ වැඩිහිටි අයකුගෙන් හෝ විරුද්ධවාදිකම් ඇති වේ. දරුවන් සම්බන්ධයෙන් කරදරකාරී බවක් ඇති කරයි. වැරදි අවබෝධය හේතුවෙන් පවුල් ජීවිතයේ ගැටලු මතු කළ හැක.

වෘශ්චික

අසරණයන්ට පිහිට වේ

ආදායම් තත්ත්වය ශුභදායකයි. සැප පහසුව ඇති වේ. විනෝදජනක අවස්ථාවන්ට සහභාගි වේ. ස්ත්‍රීන් සමග ඇති සබඳතා වර්ධනය වේ. වාද විවාදවලට යොමු වී ජයග්‍රහණ ලබා ගනී. අසරණයන්ට පිහිට වීමෙන් සිතේ සතුට ඇති කරයි. කරගෙන යන කටයුතුවල දියුණුවක් ඇති වේ. ශරීර සෞඛ්‍යය යහපත්ය.

ධනු

ණය මුදලක් ලැබේ

මුදල් ලාභ හිමියි. ලොතරැයි දිනුම් උරගා බැලීමට සුදුසු දිනයකි. ගොවිතැන් කටයුතුවලින් ලාභ උපයයි. තරුණියන් සම්බන්ධ වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුවක් හිමි වේ. අලුත් මිතුරු මිතුරියන් ඇසුරට ලැබේ. සමාජ සේවා කටයුතුවල නිරත වේ. ලැබීමට ඇති මුදලක් හිමි වේ. ස්ත්‍රීන් සමග හිතවත්කම් වැඩි වේ.

මකර

විවාහ යෝජනා කල් යයි

අධික ලෙස මුදල් වියදම් වේ. ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නිරත අයගේ ලාභ අඩු වේ. කරගෙන යන කටයුතුවලට අවහිරතා ඇති කරයි. සැමියා හා බිරිඳ අතර මත ගැටුම්වලට ඉඩ පවතී. විවාහ යෝජනා ස්ථිර වීම කල් යයි. රක්තවාත රෝග උත්සන්න විය හැක.

කුම්භ

අදහස් ඉෂ්ට වේ

ජයග්‍රහණ අත්පත් වේ. සුළු සුළු වස්තු ලාභ හිමියි. සිතේ ඇති අදහස් ඉටුකර ගැනීමට මග පෑදේ. මහන්සි වී වැඩකටයුතු කිරීමට සිදු වේ. ප්‍රණීත ආහාරපාන ලැබේ. සේවකයකු හෝ අසල්වැසි අයකුගෙන් උදව් උපකාරයක් ලැබේ. පවුල් ජීවිතය සාර්ථක අන්දමට ගෙන යයි. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ ලබා ගනී.

මීන

හුදෙකලාව ප්‍රිය කරයි

සැප පහසුව ඇති වේ. නව ආදායම් මාර්ග සොයා ගනී. නවීන තාක්ෂණ උපකරණ කෙරේ අවධානය යොමු කරයි. පදිංචි ස්ථානයේ සුළු සුළු වෙනස්කම් කිරීමට කටයුතු කරයි. වෙනදාට වඩා ප්‍රණීත ආහාරපාන ලැබේ. සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව සිටීමට කැමැත්තක් දක්වයි. භාවනා කටයුතුවල යෙදේ.