brand logo

මරන්න ගෙනියන හරකෙක් වගේ තරුණයකු පීසීආර් කරන්න ගෙනියන වීඩියෝවක් ලීක් වේ

27 October 2020

පී. සී. ආර්. පරීක්ෂණයට ගෙනියන පුද්ගලයකු මර ලතෝනි දෙද්දී කීප දෙනකු එක් වී බලහත්කාරයෙන් පරීක්ෂණයට ඔසවාගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජමාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ වීඩියෝව සත්‍යඅසත්‍යතාව කෙසේ වෙතත් පැතිරී යන කොරෝනා රැල්ල හමුවේ පී.සී.ආර් පරීක්ෂණය රෝගීන් හඳුනා ගැනීම සඳහා අත්‍යවාශ්‍ය බැවින් මෙම පරීක්ෂණයේ ඇති වැදගත් කම හා ඊට කිසිවකු හෝ බියක් දක්වන්නේ නම් එය හුඹස් බියක් බවත් තහවුරු කිරීමට අප මේ වීඩියෝවම යොදා ගැනීමට කල්පනා කළෙමු. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පී සී ආර් පරීක්ෂණයකට භාජනය වූ ආකරය හා එහිදී ඔහුට දැනුන වේදනාව  පොල්කෙන්දක් නහයට දමන තරම් සියුම් එකක් බවට ඔහු කියන කතාව හා PCR කිරීමට පෙර පුද්ගලයෙකු බිය වී කෑ ගහන අයුරු පහතින් නරඹන්න .       https://youtu.be/eS1HCXRxv94?t=6106 සබැඳි පුවත්….. වෛද්‍ය ජයරුවන් බණ්ඩාරත් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය වෙයි - https://bit.ly/34wYA8Q
 

More News..