News

මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නැහැ – නීතිපති දැන්වූ බව ජනපති කියයි

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව නිතිපතිවරයා විසින් තමා වෙත දැන්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (05) පෙරවරුවේ දිවුලපිටිය මහජන ක්‍රිඩාංගණයේ පැවති “රට වෙනුවෙන් එකට සිටිමු” ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.

මත්ද්‍රව්‍ය විරෝධි සටනට එරෙහිව නැඟෙන හඬ හමුවේ වඩා සතුටට පත්වන්නේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ ස්ත්‍රී දූෂකයන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතැබිය යුතු බව ද කියා සිටියේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ වටිනාම සම්පතක් වන මුතුරාජවෙල පරිසර විනාශයට වත්මන් ආණ්ඩුවේ ද ඇතැම් අමාත්‍යවරුන්ගේ සම්බන්ධතා තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් මෙම දැවැන්ත පරිසර විනාශය වළක්වාගත යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අද (05) පෙරවරුවේ දිවුලපිටිය මහජන ක්‍රිඩාංගණයේ පැවති “රට වෙනුවෙන් එකට සිටිමු” ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව නිතිපතිවරයා විසින් තමා වෙත දන්වා තිබෙන බවයි.මත්ද්‍රව්‍ය විරෝධි සටනට එරෙහිව නැඟෙන හඬ හමුවේ වඩා සතුටට පත්වන්නේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ ස්ත්‍රී දූෂකයන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතැබිය යුතු බව ද කියා සිටියේය.

Posted by Maithripala Sirisena on Monday, August 5, 2019