brand logo
logo

මරණය අභියසදීත් අරගලය පාවා දෙන්නේ නෑ

10 August 2020

ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට තමන් දායක වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවැසීය. මහ මැතිවරණයට පෙර සහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කළ දිනද විවිධ අසත්‍ය ප්‍රචාර ඉදිරිපත් කරමින් සිය පාක්ෂිකයන් අධෛර්යමත් කිරීමට ඇතැමුන් ක්‍රියා කළ බවද ඔහු පෙන්වා දෙයි. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ බව සඳහන් කරමින් මාධ්‍ය ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළද තමන් මනාප 77476ක් ලබාගත් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. මරණය අබියස වුව තමන් අරගලය පාවා නොදෙන බව ඔහු කීවේය. මවුබිමට පෙම්බඳින සියලු මිනිසුන්ට ලේවලින් ලියා දන්වනුයේ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට තමන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද මන්ත්‍රීවරයා පැවසීය.
 

More News..