brand logo

මරණයට බිලිවූ විරුවන් දෙදෙනෙකුගේ කතාව

09 August 2018

යාපනය මුදාගත් ප‍්‍රදේශ තුල ක්ලේමෝ ප‍්‍රහාර එල්ල කිරිමි වලට සමිබන්ධ LTTE බුද්ධි අංශ සාමාජිකයෙකු පිළිබද ලැබුණු තොරතුරු තහවුරු කර ගැනිමෙන් පසු 1998 ඔක්තෝබර් මස යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් විසින් කෝපායි ප‍්‍රදේශයේදි LTTE සාමාජිකයාගේ නිවසේදි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. එවකට පැවති නිතිය අනුව එම LTTE සැකකරු කදවුරට රැගෙන විත් ප‍්‍රශ්න කිරිමට භාජනය කර ඇත. මෙහිදි අසනිප තත්වයක් පෙන්නුමි කරනු ලැබු LTTE සැකකරු එවකට ලුතිතන්රා ජමන්ත‍්‍රි හා ලා/කෝ රාජකරුණා විසින් යාපනය මහ රෝහලේ නේවාසික ප‍්‍රතිකාර සදහා යොමු කලද සැකකරු පසුව එහිදි මිය ගොස් ඇත. සැකකරුගේ මියයාම සම්බන්ධයෙන් සැකපිට කදවුර භාර නිලධාරි ලුතිතන් රොනි බර්තොලමියුස්, ලුතිතන් රාජමන්ත‍්‍රි, ලා/කෝ රාජකරුණා ඇතුලු කිහිපදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත යොමු කොට ඇති අතර එහිදි එම නිලධාරින් රිමාන්ඩි බන්ධනාගාර ගතකොට ඇත. නමුත් එවකට යාපනය බන්ධනාගාරයේදි යුධ හමුදා අයවලුන් හට ඇවැසි ආරක්ෂාව නොමැති බැවින් යුධ හමුදා පොලිසිය භාරයේ පලාලි යුධ හමුදා කදවුරේ පියවි සිර අඩස්සියේ රදවා තබන ලදි. මෙි අතරතුර යාපනය මහාධිකරණය වෙතින් ඇප නියම කරනු ලදුව එම නඩුව දිගින් දිගටම විභාග කරන ලදි. පසුකාලිනව යාපනය මහාධිකරණයේදි නඩු ඇසිමෙිදි යුධ හමුදා සාමාජිකයින්ට ඇතිවිය හැකි ජිවිත තර්ජන හේතුවෙන් මෙම නඩුව ත‍්‍රි/මලය මහාධිකරණය වෙත මාරු කර ඇත. පසුගිය රජය සමයේ මෙම නඩුව ඉතා මන්දගාමි ස්වරූපයක් ගත්තද 2015 රජය මාරුවිමෙන් පසු මෙම නඩුවෙි ස්වරූපය සමිපුර්ණයෙන්ම කනපිට පෙරලිනි. 1995 දි සන්නද්ධ බුද්ධී බලකායට ඇතුලත්වු 2/ලුති රාජමන්ත‍්‍රි තම දිවියේ සමිපුර්ණ කාලයම තම මවි බිමෙි ආරක්ෂාව වෙනුවෙන් තම රාජකාරින් ඉටු කරන ලදි. මින් වැඩි කාලයක් යාපනය අර්ධද්විපයේ සේවය කර ඇති අතර මෙවැනි නිතිමය ගැටලු වලට මුහුණදි සිටියදිත් තම රට වෙනුවෙන් කරන ලද කාර්යභාරය ඉන් නොනවත්වා ඉදිරියටත් ඔහු විසින් සිදුකරන ලදි. 59 සේනාංකය යටතේ වන්නි මානුෂිය මෙහෙයුමෙි ආරමිභයේ සිට අවසානය දක්වා පාබල හා ආධාරක භඨ පිරිස් හට ඉදිරි මෙහෙයුමි සදහා අවශ්‍ය නිවැරදි බුද්ධි තොරතුරු සපයමින් රට වෙනුවෙන් තම සේවය හා යුතුකමි ඉටුකරන ලද දක්ෂ නිලධාරියෙකි. 2009 වසරෙන් පසුවද LTTE ය හිස එසවිමට වන්නි ප‍්‍රදේශයේ සිදුකල සියලුම උත්සහයන් ව්‍යර්ථ කිරිමට තම දායකත්වය ලබාදෙමින්, දිවි හිමියෙන් තම රාජකාරිය ඉටුකල නිලධාරියෙකි. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන අතර බිරිද ගුරුවරියක් ලෙස සේවය කරනු ලබයි. ඔහු ජිවත්වන නිවස අඩක් පමණක් ඉදිකර ඇති අතර මෙම කටයුතු සදහා ලක්ෂ 30 පමණ ණය මුදලක් වාණිජ බැංකු වෙතින් හා යුධ හමුදාවෙන් ලබා ගෙන ඇත. ලා/කෝ රාජකරුණා වර්ෂ 1995 දි ශ‍්‍රි ලංකා යුධ හමුදාවට බැදි 1997 වර්ෂයේදි සන්නද්ධ බුද්ධි බලකායට ඇතුලත්ව යාපනය හා වන්නි ප‍්‍රදේශයන්හි රාජකාරියේ නිරත වු අතර තම රාජකාරිය මනා වගකිමෙන් හා කැපවිමෙන් යුතුව ඉටු කල සෙසු නිලයෙකි. වසර 22 ක සේවා කාලයකින් පසුව මොහු 2018 වර්ෂයේ ඔක්තෝබර් මස විශ‍්‍රාම යාමට නියමිත අතර ඔහු දෙදරු පියෙකි. තවද වැඩිමහල් දරුවා මෙම වසරේ දෙසැමිබර් මස පැවැත්විමට නියමිත අපොස සා/පෙල විභාගය සදහා පෙනි සිටිමට නියමිතව ඇත. දරුවන්ගේ හා පවුලේ ඉදිරි අනාගතය වෙනුවෙන් රුපියල් ලක්ෂ 14 ක පමණ මුදලක් වාණිජ බැංකු හා මුල්‍ය ආයතන වෙතින් ලබාගෙන ඇත. තම දේශයේ ආරක්ෂාව සදහාත් මතු පරපුර සදහාත් තම මවු බිමෙි ඒකිය භාවය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කල පියවරුන් දෙදෙනෙකු එ් සදහා වන උපරිම සමිබන්ධයෙන් අද පිදුමි ලබා ඇත. එ් මරණ දඩුවම නමි උතුමි ත්‍යාගයයි. මොවුන් දෙදෙනාගේ ජිවිත වල තම පවුල් වෙනුවෙන් ඉටුකල යුතු යුතුකමි රාශියක් ඉදිරිපිටදි මෙම නඩු තින්දුවත් සමග ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ ජිවිත කබලෙන් ලිපට වැටිම වැලැක්විය හැකි වෙිද...
 

More News..