brand logo

මම සංජනාගේ පෙම්වතා නෙවෙයි

09 January 2022

පහුගිය කාලයේ කටකතාවලට මුල් වූ කලා ලෝකයේ තරු අතර සංගීත් සතරසිංහ නාමය ඉදිරියෙන්ම තිබෙනවා. කවුරු කොහෙම කිව්වත් නිහඬව සිටි සංගීත් මේ දවස්වල තිරයේ කාර්යබහුල චරිත අතරට එක් වෙලා. ඒ අතර සයිබර් අවකාශයේත් සංගීත්ට ලොකු ඉඩක් වෙන්වෙලා. මේ උදා වී ඇත්තේ සංගීත්ගේ දිවියෙහි තවත් එක් සොඳුරු සමයක්දැයි අපි සංගීත්ගෙන්ම විමසා සිටියා. සංගීත් ඔබ දැන් ආදරවන්තයෙක්ද? නැහැ, මම පෙම්වතෙක් නෙවෙයි. ඇයි ආදරය කරන්න දැන් බයයිද? නැහැ, නැහැ. මගේ ජීවිතයේ මගහැරුණ දේවල් ටික්ක තියෙනවා. ජීවිතයේ තව ඉලක්ක ටික්ක තියෙනවා. ඒ දේවල් සම්පූර්ණ කරගෙන කාලයට ඉඩදීලා ඉන්නවා. May be an image of 1 person and standing ජීවිතයේ ඉලක්කවලට යන්න පෙම්වතිය බාධාවක්ද? හරිම කෙනා හමුවෙනවා නම් ඒක ලොකු පහසුවක් වෙයි. ඒත් මම හරිම කෙනා හමුවෙනතුරු බලා ඉන්නවා. මොකද නැවතත් ආදරය, විවාහය සම්බන්ධව මං ගන්න තීරණය ඉතා නිවැරදි විය යුතුයි. වැරදි තීරණ අරන් ආයෙ නිවැරදි කරගන්න මට තවත් අවස්ථාවක් නැහැ. සංගීත් මොන වගේ කෙනෙක්ද හොයන්නෙ? හරියටම ඒක කියන්න බැහැ. නමුත් ඇය මගේ දෙමව්පියන්ට වගේම ඇයගේ මව්පියන්ටත් ආදරයෙන් ගෞරවයෙන් සලකන කෙනෙක් විය යුතුයි කියලා මම හිතනවා. මේ දවස්වල රංගන දායක්තවය ලබාදෙන නිර්මාණ මොනවද? බොරුවට කියනාව නෙවෙයි. පහුගිය දවස්වල නොහිතපු විදිහට මං කාර්යබහුල වුණා. මේ දිනවල පාරදිගේ සහ ෂැඩෝ ටෙලි නාට්‍ය දෙක විකාශය වෙනවා. බීටීඑස්, චණ්ඩි, කුමාරිහාමි, කලලය කියන ටෙලි නාට්‍යවල ෂූටිංවලටත් සහභාගි වෙනවා. මේ සේරම 2021 නොවැම්බර් පටන් ගත්ත වැඩ. 2022 වෙද්දි මේවා රසිකයන්ට නරඹන්න හැකිවෙයි. May be an image of person, child, standing, tree and indoor පහුගිය කාලය සංගීත්ට දිගු නිහඬ විරාමයක් වුණා නේද? එහෙමම කියන්න බැහැ. පුද්ගලික ප්‍රශ්න ටිකක් නිසා මම වසර දෙකක විතර නිහඬව හිටියා තමයි. ඉන් පසුව 2018 මම දෙවැනි වර පැණි කුරුල්ලෝ සහ තව දුරයි ජීවිතේ ටෙලි නාට්‍යවලින් වැඩ ආරම්භ කළාට පස්සෙ දිගටම වැඩ තිබුණා. ඒත් එක්කම මම මංගල ඡායාරූප ශිල්පියෙක් විදිහටත් වැඩ පටන් ගත්තා. අද වෙද්දි තමන්ගේ මංගල උත්සවයේ ඡායාරූප ශිල්පියා ලෙස මාව සහභාගි කරගන්න කැමැති යුවළවල් බොහොමයක් ඉන්නවා. ඒක ලොකු ආඩම්බරයක්. රංගනයට අමතරව මගේ දෙවැනි රැකියාව ලෙස සලකන්නේ මංගල ඡායාරූපකරණයයි. තාත්තා කලා ක්ෂේත්‍රයේ හිටි නිසාද සංගීත් කලාව පැත්තට හැරුණෙ? තාත්තා රඟපෑවා කියලා මාව නළුවෙක් වෙන්න ලොකු වුවමනාවක් මට තිබුණේ නැහැ. මම ඉගෙන ගත්තේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ. පාසල් කාලයේ මම මලල ක්‍රීඩකයෙක්. 2008 වසරේදී මගේ පාදයේ ඇතිවූ ආබාධයක් නිසා ක්‍රීඩා දිවියට සමුදෙන්න සිදුවුණා. ඉන් පස්සෙයි මම රංගනයට පිවිසෙන්නේ. මම කලා ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ නිවේදකයෙක් විදිහටයි. සංගීත්, අතීතය දිහාට හැරුණොත් දැනෙන්නෙ දුකක්ද? සතුටක්ද? ජීවිතයේ සිද්ධ වුණ කිසි දෙයක් ගැන පසුතැවීමත් නැහැ. මම හිතන්නේ හැමදේම වුණේ හොඳට කියලා. යම්කිසි දෙයක් ජීවිතයෙන් ගිලිහුණා නම් ඒක වුණේ ඊට වඩා හොඳ දෙයක් ඉදිරියේදි ජීවිතයට හිමි වෙන්න තියෙන නිසා කියලයි මම හැම වෙලාවෙම හිතන්නේ. ඔබ කාට හෝ වරදක් කළා කියලා චෝදනා නැගුණොත්... කිසිම කෙනෙක් මගේ ඉස්සරහට ඇවිත් එහෙම චෝදනා කරලා නැහැ. සමහරු තමන්ගේ වැරදි නිසා කරගත්ත දෙවල්වලට මට කරන්න දෙයක් නැහැ. කවුරුහරි මට චෝදනා කරනවා නම් මම ඒ අයට උත්තර බඳින්න බැඳිලත් නැහැ. මම හිත රිදිලා ඉන්න වෙලාෙව් මගේ ළඟ හිටියේ මගේ අම්මයි, තාත්තයි විතරයි. මගේ වැරදි හොයන කිසි කෙනෙක් මට කන්න බොන්න දීලා මගේ දුක සැප බලපු අය නෙවෙයිනේ. May be an image of 1 person, beard, standing, sky and tree කටකතා ගැන මොනවද කියන්නෙ? මං කිසිම තැනක කාටවත්ම මඩ ගහල නැහැ. හැබැයි ඇතැමුන් මට මඩ ගැහුවා. පහුගිය කාලයේ මං තරම් කටකතාවලට ලක්වුණ නළුවෙක් තවත් නැහැ. මම ගැහැනු ළමයෙක් එක්ක ෆොටෝ ෂූට් එකක් කළත් මම විවාහ වුණා කියලා කටකතා හැදුණා. ඒ හැම දෙයක් දිහාම මං නිහඬව බලා සිටියා විතරයි. සංජනා හා ඔබ අතර තියෙන ඇයි හොඳැයිය ආදර කතාවක ප්‍රතිඵලයක්ද? පහුගිය කාලයේ මටයි, සංජනා නංගිටයි එකට වැඩ ගොඩක් කරන්න ලැබුණා. අපි දෙන්නගේ බාහිර රූපයේ ගැළපීමක් නිසාදෝ අපි දෙන්නා එකට කරන වැඩවලට වාණිජ වටිනාකමක් ලැබුණා. එකට වැඩ කිරීම නිසා අපි අතර ලොකු හිතවත්කමක් ගොඩනැගුණා. ඔය අතර ඇය මගේ පෙම්වතිය කියා කටකතාවක් පැතිරුණා. ඇත්තම කතාව මම සංජනාගේ පෙම්වතා නෙවෙයි, ඇය මගේ හිතවතියක් පමණයි. ධම්මිකා සුරංජි පතිරණ May be an image of 3 peopleMay be a closeup of 1 person, beard and indoor
 

More News..