මම පාර්ලිමේන්තුවේ හිටියා නම් මම ඕක කරලා ඉවරයි
11 September 2021
මම පාර්ලිමේන්තුවේ හිටියා නම් මම ඕක කරලා ඉවරයි
11 September 2021
කාඩ් කුට්ටමේ එක කොළයක් විතරයි ඇද්දේ
කලාකරුවන් ගැන කතා කරන්න පාර්ලිමේන්තු ගිය කලාකරුවෝ තාමත් පුටු රත් කරනවා
දේශපාලනය පැත්තට හැරෙන්නත් පුළුවන්
දුලීකා මාරපන චරිතාංග රංගනයෙන් ප්‍රේක්ෂක හදවතෙහි ලැගුම්ගත් රංගන ශිල්පිනියක්. ලැබෙන චරිතය තුළ දැනෙන වෙනසක් කිරීමට ඇය සැමවිටම උත්සාහ දරන්නියක්. වසර ගණනක් පුරා විදහා පෑ රංගන ප්‍රතිභාවේ විශිෂ්ටත්වයට ඇය රංගනයෙන් දායක වූ සියලු චරිත හැඩතලයන් සාක්ෂි සපයා අවසන්. මෑත කාලයේ විකාශය වන චරිත ත්‍රිත්වය තුළද ඇය සිය චරිතාංග රංගනයට උපරිම සාධාරණය කර තිබෙන බව සැබැවි.
පෝක් වීදියේ මාධනී කියන්නේ ඇස් අන්ධ කාන්තාවක්. මට මුලින්ම මේ නාට්‍යයේ ආරාධනා ලැබුණේ ත්‍රීවිල් පදවන කාන්තාවකගේ චරිතයක් කරන්න. මම සායක්කාරට යෝජනා කළා මම කැමතියි පිටපතේ තිබුණ ආබාධිත දරුවගේ අම්මගේ චරිතය කරන්න කියලා. උපතින්ම ඇස් අන්ධ අම්මා කෙනෙක්ගේ චරිතයක් පිටපතට ගේමු කියන යෝජනාව මම කළා. මුලින් සායක්කාර ඒකට කැමති වුණේ නෑ. නමුත් මේ චරිතය ෆේල් නොවී ප්‍රේක්ෂකයන් අතරට යන චරිතයක් බවට පත් කරනවා කිව්වම සායක්කාර ඒ චරිතය ලියන්න පටන් ගත්තා. උපතින්ම අන්ධ යාළුවෝ කිහිප දෙනෙක් විශ්වවිද්‍යාල කාලේ මට හිටියා. දැන් කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන පුෂ්ප බණ්ඩාර ඒ අතර හිටපු මගේ හොඳ මිතුරෙක්.‘පෝක් වීදියේ’ මාධනී, දුලීකාගේ චරිතාංග රංගනය මනාව ඔප්පු කරන තවත් එක් චරිතයක් කිව්වොත් නිවැරදියි. මාධනීගේ චරිතය සාර්ථක කරන්න දුලිකාගේ කැපවීමත් සුළුපටු නැහැ.

කලාකරුවන්ට වෘත්තීමය තත්ත්වයන් ගොඩ නැගිය යුත්තේ මෙවැනි තත්ත්වයන් වෙනුවෙනුයි. කලාකරුවාට වෘත්තීමය තත්ත්වයක් නිර්මාණය විය යුතුය යන්නට පෙරමුණේ සිටගන්න කෙලින් කතා කරන කෙනෙක් ලෙස දුලීකා ප්‍රසිද්ධයි. කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඇය අද හඬ අවදි කරන්නියක්.

කෙලින් කතා කරන හැම තැනකදිම දුලීකා දේශාපාලනයට එන්න අර අදිනවද කියලා බොහෝ දෙනා දුලීකාගෙන් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්නයට ඇයට කෙලින් උත්තරයක් දෙන්න පුළුවන්ද කියලත් අපි අහලා බැලුවා.
මම මේ කතා කරන දෙයින් එක පුද්ගලයෙක් හරි අවදි වුණොත් ඇති. එක්තරා අවස්ථාවක අපේ රටේ ඉහළ පුටුවක ඉන්න කෙනෙක් මගෙන් ඇහුවා මට මොනවද ඕනේ කියලා. කලාකරුවන්ට වෘත්තීමය මට්ටමක් ඇති කරන්න ඕනේ කිව්වම ඔහු හිනාවුණා. මම මහන්සියෙන් හම්බ කරන කෙනෙක්. මගේ මව්පියෝ මට ඉතුරු කරපු දෙයක් තියෙනවා. මට කට පියාගෙන සැපට ජීවත් වෙන්න පුළුවන්. නමුත් මම නිකන් බලාගෙන ඉඳලා මැරිලා යන්න සූදානම් නෑ. අද දවසේ සටන් කරලා දෙයක් ලබා නොගත්තොත් අපි කට පියන් හිටියොත් ක්ෂේත්‍රයට අලුතින් එන කෙල්ලෝ කොල්ලෝ ටික අපිට කවදා හරි සාප කරයි. මම කතා කරද්දි සමහරු හිතන්නේ දේශපාලන වාසි ගන්න දේශපාලනයට එන්න කතා කරනවා කියලා. මෙහෙම ගිහින් එක තැනකදී හැරවුමක් වෙයිද දන්නේ නෑ. අනෙක් අය ක්ෂේත්‍රය වෙනුවෙන් යමක් නොකරද්දී අපිම සටන් කරලා හරි මේ දේ හදාගන්න ඕනේ කියන තැනට එයිද දන්නේ නෑ. කොහොම වුණත් කරන්න පුළුවන්කම තියෙන පිරිස කලාකරුවන්ට වෘත්තීමය තත්ත්වයක් ගොඩනගන්න උත්සාහ නොකරන එකයි දුක. තිළිණි කෞශල්‍යා විජේසිංහ

