අතන මෙතන

මන්දට හසු වු කදුකර දිවියා මුදා ගැනේ

වන සතුන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකට හසු වි සිටි පැන්තරා පාදුස් වර්ගයේ
කදුකර දිවියා (12) දින මුදාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි
ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන කෙනිල් වත්තේ පළමු කොටසේ වතු
නිවාස පේලියකට ඉහලින් වු ලදු කැලැවක අටවා තිබු මන්දකට දිවියා (12) දින අලුයම හසු
වි ඇත.

රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ පශු වෛද්‍යය අකලංක පිණිදෙණිය මහතා එම වතු
යායට පැමිණ මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර මන්දෙන් ගලවා එම ස්ථානයේදි ප්‍රතිකාර ලබා දි තුවාල සහිතව සිටි දිවියා වැඩිදුර ප්‍රතිකාර සදහා  නල්ලතන්නිය වනජිවි කාර්යයාලය වෙත රැගෙන ගොස් ඇත.

අවුරුදු 6 ක් පමණ වයසැති හොදින් වැඩුණු ගැහැනු සතෙකු වන දිවියා උස අඩි දෙකක් සහ
දිග අඩි 5 කින් පමණ යුක්ත බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.

ගොදුරු පසුපස රාත්‍රි කාලයේ සැරිසැරු දිවියාගේ උදරය මන්දට හසු වි තිබු බවත් , මන්ද
ඇටවු එම වතු යායේම පදිංචි වතු කම්කරුවෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් , සැකකරු
හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා
පැවසිය.