Uncategorized

මන්චි හත්වන වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාමය ලෙස රන් සම්මාන දිනා ගනියි

සිලෝන් බිස්කට්ස් සමාගමේ (CBL) ප්‍රමුඛතම සන්නාමය වන මන්චි, යළිත් වරක් ස්ලිම් සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ‘වසරේ ශ්‍රී ලංකාව විශිෂ්ටතම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර විය. එම සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
වසරේ සන්නාමයට හිමි සම්මානය ඇතුළුව තවත් සම්මාන හයක් හිමිකර ගැනීමට මන්චි මෙහිදී සමත්වීම විශේෂත්වයකි.

වසරේ 18 ක ස්ලිම් සන්නාම විශිෂ්ටතා සම්මාන ඉතිහාසය තුළ මන්චි වසරේ සන්නාමය ලෙස රන් සම්මාන දිනා ගත් හත්වන අවස්ථාව මෙයයි. ඊට අමතරව, ‘වසරේ ප්‍රජා සත්කාරක සන්නාමයට’ හිමි රන් සම්මානය ද, ‘වසරේ නිෂ්පාදන සන්නාමයට’ හිමි රන් සම්මානය ද, ‘වසරේ දේශීය සන්නාමයට’ හිමි රන් සම්මානය ද තමන් සතු කර ගැනීමට මන්චි සමත් විය. තවද, සිය නිෂ්පාදන විශිෂ්ටත්වය තවදුරටත් පිළිබිඹු කරමින් ‘වසරේ අපනයන සන්නාමයට’ හිමි රිදී සම්මානය මෙන්ම ‘වසරේ නවෝත්පාදන සන්නාමයට’ හිමි රිදී සම්මානය ද මන්චි වෙත හිමි විය.

“මෙවර ස්ලිම් සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී අප හිමිකර ගත් සම්මාන මන්චි සන්නාමයේ ශක්තිය මැනවින් කියා පානවා. වසරේ ශ්‍රී ලංකාව විශිෂ්ටතම සන්නාමය ලෙස අඛණ්ඩව තුන්වන වරටත් කිරුළු දැරීම සැබවින්ම අපට විශාල ගෞරවයක්. මෙම ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවන්වන අපගේ පාරිභෝගික ජනතාවට අප මෙහිදී විශේෂයෙන් ස්තූතිවන්ත වනවා. මන්චි සන්නාමය ළෙන්ගතු සන්නාමයක් ලෙස සමාජයේ උන්නතිය ඉදෙසා ඉටු කරන මෙහෙය ඇගයුමට ලක් කරමින් ‘වසරේ ප්‍රජා සත්කාරක සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වීම ද අපට ආඩම්බරයක්” යනුවෙන් CBL සමාගමේ සාමන්‍යාධිකාරී-අලෙවි ජන්මේෂ් පෝල් ඇන්තනි මහතා ප්‍රකාශ කළේය.

තවද, CBL සමාගම මෑතකදී පැවති වාර්ෂික ස්ලිම් ජාතික විකුණුම් සම්මේලන සම්මාන (NASCO) උළෙලේදී ද සිය විකුණුම් සහ අලෙවි විශිෂ්ටත්වය මනාව විදහා පාමින් රන් සම්මානයක්, රිදී සම්මාන තුනක් සහ ලෝකඩ සම්මාන තුනක් සමගින් සමස්ත සම්මාන හතකට හිමිකම් කීමට සමත් විය.