brand logo

මන්චි නිර්මාණශීලි ප්‍රවේශයකින් ලෝක ළමා දිනය සමරයි

26 October 2019

සිලෝන් බිස්කට්ස් (CBL) සමාගමේ ප්‍රමුඛත ම සන්නාමය වන මන්චි, නැවුම් ආරකින් මෙවර ලෝක ළමා දිනය සැමරීමට එක් වූයේය. ඒ වෙනුවෙන්ම සංවිධාන කෙරුණු දරුවන් සඳහා ම වෙන් වූ අපූරු ක්‍රියාකාරකම් රැස අතර විශේෂ ළමා කතාන්දර පොතක් එළිදැක්වීම කැපී පෙනුණි. ලොව පුරා දරුවන් වෙනුවෙන් වූ මෙම සුවිශේෂී දිනය සමරනු වස් මන්චි දිවයින පුරා විවිධ උළෙල සහ වැඩසටහන් රැසක් දියත් කළ අතර එම වැඩසටහන් මාලාවේ ප්‍රධාන උළෙල සහ කතාන්දර පොත එළිදැක්වීම බත්තරමුල්ලේ අපේ ගම පරිශ්‍රයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා සහභාගී වූ දරුවන් විශාල පිරිස රසගැන්වීම සඳහා මන්චි විසින් විවිධ විනෝද ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කර තිබිණ. එම උළෙල ඇතුළුව දිවයින පුරා පැවති වැඩසටහන් සියල්ල සඳහා දරුවන් 30,000 කට අධික පිරිසක් සහභාගී විය. ලෝක ළමා දිනයට සමගාමීව එළිදැක්වුණු 'පුදුම පළිඟුව’නමැති සුවිශේෂී කතන්දර පොත ශ්‍රී ලංකාවේ ළමා කතාන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් රචනා කරන ලද්දකි. දරුවන් තම පරිකල්පන ශක්තිය සහ නිර්මාණශීලිත්වය යොදා ගනිමින් කතන්දර ලිවීම, සිතුවම් කිරීම සහ පද්‍ය රචනා ආදී ඕනෑම මාධ්‍යයක් භාවිත කරමින් එම කතාන්දරයේ ඉතිරි කොටස සම්පූර්ණ කළ යුතු අතර එය මෙරට ළමා සාහිත්‍යයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ඉතිහාසයට එක් වෙයි. ළමයින්ගේ නිර්මාණ උපකල්පන ශක්තිය විදහා දැක්වීමට අවස්ථාව ලබා දීම මෙහි මූලික අරමුණ වේ.
 

More News..