ගොසිප්

මධූගේ වේදනාව

 මධුමාධව  අරවින්ද මහතාගේ විවාහය අගමැති රනිල් සහ ඇමති මංගල ඇතුළු පිරිසට ආරාධනා  කිරීමට එරෙහිව හඬ නගා තිබුණි. මංගල, අගමැති ඇතුළු අපේ හටන කෑවා.
රට දෙකඩ කරන්න ඉන්න උන් ආරාධනා ලබල. ඇත්ත නොකියා මට ඉන්නත් බෑ. ඒ නිසා මේ සටහන ලියනවා. තරහින් නෙවෙයි. මට එක එක ඒව කල්පනා වෙනවා. කීදෙනෙක් හිරේ ගියාද. ගුටි කෑවද.රස්සා නැති කරගත්තද. අත පය වගේම හිත පවා කඩා වැටුණ දේශපාලන කතාවක්. මහින්ද හුළඟේ දර දිය ඇද්ද. ගුටි කෑවා. රස්සා නැතිකරගත්ත. ඔක්කටම කියන්න බෑ මඟුල් ගෙදරක්. ඒත්. පවුලම හිරේ දාන්න ඉන්න.
මහින්ද මහත්තයට අනේක අපහාස කරපු.හොර අගමැති කියල ලෝකෙටම පෙනෙන්න අපහාස කරපු මංගලල  මෙතන නොහිටියනම් හොඳයි… යනුවෙන් ඔහු සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කර  තිබුණි. මේ ප්‍රකාශයත් සමග සමාජ ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක් රෝහිතගේ  මඟුල, මධුමාධවට නිකියු සොවින් ඔහු හඬා වැටෙයි යනුවෙන් විශාල ප්‍රහාරයක්  මධුමාධවට එල්ල කරන්නට විය. එවිට නැවත මධුමාධව ප්‍රකාෂයක් කරමින් “මට  ආරාධනා ලැබුණා.
නමුත් මගේ සමීපතම කලාකරුවෙකුගේ මංගල උත්සවයට යන්නට වූ නිසා  රෝහිතගේ විවාහයට සහභාගි වෙන්න බැරි වුණා. පුද්ගලික ගමන් මම දේශපාලනිකව  හිතන්නේ නැහැ “ යනුවෙන් සඳහන් කර තිබුණි. මෙම විවාහ උත්සවයේදී ජනතා  විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ද පෙනෙන්නට නොසිටීම කාගේත් අවධානයට ලක් විය.  මේ පිළිබඳව අප ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා වන විජිත හේරත්ගෙන් කළ විමසීමේදී  අපිට ආරාධනා කරල තිබුණේ නැහැ. කළත් අපි ඔය රජ මඟුල්වලට යන්නේ නැහැ’’  කීවේය.
මේ අතර රෝහිතගේ විවාහයට කලින් සිංගප්පුරු ගිය මෛත්‍රී  ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් අනතුරුව පල්ලියේ පැවැති විවාහ උත්සව  අවස්ථාවට සහභාගි වී සිටියේය. එම අවස්ථාවට එජාපයේ නියෝජ්‍ය නායක රවී  කරුණානායකද සහභාගි වූ අතර රන්ජන් රාමනායක පැවසුවේ අර්ජුන් ඇලෝසියස් ද මේ  අවස්ථාවට සහභගි වූ බවට තමන් සතුව සාක්ෂි ඇති බවය.