අතන මෙතන

මත්කුඩු සමග පුද්ගලයෙක් හික්කඩුවෙන්

මත්කුඩු ග්‍රැම් 04ක් සමග සැකකරුවකු හික්කඩුව නගරයේ දි අත්අඩංගුවට ගත්බැව් හික්කඩුව පොලිසිය පවසයි.

හික්කඩුව නගරයේ මාර්ගබාධක රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් විසින් ලොරි රථයක් නතරකොට එහි සිටි අය පරික්ෂාකොට ඇත.

එහිදි ලොරි රථයේ සිටි සැකකරුගේ කලිසම් සාක්කුවේ තිබි මෙම මත්කුඩු හමුවු බව පොලිසිය පවසයි. ලොරි රථයේ සිව් දෙනෙකු සිට ඇති අතර මොවුන් කෙළඹ සිට හම්බන්තොට දක්වා ගමන්කරමින් සිට ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි ධිවර රක්ෂාවේ නිරත අයෙකු බව පොලිසිය පවසයි.

ධිවර රක්ෂාව සදහා යනවිට පානය කිරිම සදහා මෙම මත්කුඩු රැගෙන යන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

හික්කඩුව පොලිස් ස්ථානාධිපති පි.එල් කිර්තිසිංහ,උ.පො.ප පත්මජිව ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.