අතන මෙතන

මඟුල් ගෙදර බුරියානි විෂවී මඩකලපුවේ 30 ක් රෝහලේ

නිවසක තිබූ විවාහ මංගල උත්සවයකදී ආහාර විෂවීමෙන් රෝගීවූ 30 දෙනකු රෝහල් ගත කර ඇතැයි මඩකලපුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

පෙරේදා (2 වැනිදා) රාත්‍රියේ ආරයන්පති කෝවිල්කුලම් ප්‍රදේශයේ පැවැති එම විවාහ මංගල්‍යය උත්සවයේදී දෙසිය දෙනකු පමණ කුකුළු මස් බුරියානි අනුභව කර ඇත. ඉන් අනතුරුව මොවුන්ගේ වැඩි පිරිසක් ක්ලාන්තය, වමනය සහිත උණ හේතුවෙන් ආරයන්පති දිසා රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට යොමුකර තිබේ.

ආහාර විෂවීමෙන් මෙසේ රෝහලට ඇතුළත් කළ පිරිස අතර කාන්තාවන් හා කුඩා දරුවන්ද සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඊයේ (3 වැනිදා) පෙරවරුවේ මෙම සිද්ධියට අදාළ රෝගීන් පිරිසක් ප්‍රතිකාර සඳහා පැමිණි බව ආයන්පති දිසා රෝහලේ බලධාරීහු පැවැසූහ.

ටී. එල්. ජව්ෆර්ඛාන් – මඩකලපුව