අතන මෙතන

මගුල් ජෝඩුවට වෙච්ච ඇබැද්දිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් ප්‍රකාශයක් ගන්න කියලා CID නිලධාරීන් එතුමාගේ නිල නිවසට ආවේ පහුගිය 17 වෙනිදනේ. එදා ඉතින් විජේරාම හිටපු ජනපති නිල නිවස ඇතුළත වගේම පිටතත් මහ සෙනඟක් ඇවිත් හිටිය. මේ නිසා ආරක්ෂක අංශත් සීරුවෙන් තමයි හිටියේ.

ඔන්න ඉතින් හිටපු ජනධිපතිතුමාට හරියටම විවාහ මංගල්‍ය දෙකකටත් එදාටම ආරාධනා ලැබිලා. නිකන් නෙමෙයි විවාහයේ සාක්ෂියටත් අත්සන් කරන්න කියලා. මොන දේ තිබුනත් මේ විවාහ මංගල්‍ය දෙකටත් ගිහින් එනවා කියල තමයි මහින්ද මහත්තය හිතාගෙන හිටියේ.

හැබැයි ඔන්න 17 වෙනිදා උදේ පාන්දරම මනාල යුවළක් ජනාධිපතිතුමා මුණ ගැහෙන්න කියලා අවා..මේ අර ජනාධිපතිතුමා යන්න හිටපු විවාහ උත්සව දෙකෙන් එකක ජෝඩුව. තෑගි බෝගත් කර පින්නාගෙන මෙයාල ඇවිත් තියෙන්නේ උදෙන්ම ජනාධිපතිතුමාට කියලා සාක්ෂියට අත්සන් කර ගන්න. හැබැයි ඉතින් එතකොට මාධ්‍යවේදියෝ වෙනත් පක්ෂවල ඔත්තුකාරයෝ නිවාස අසල සැරි සරමින් ඉඳලා තියෙනවා.

“‘පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මාධ්‍යවේදියෝ හිතයි ඔහොම තෑගි බෝග උත්සන් යනකොට මහින්ද මහත්තයා CID කට්ටියට තෑගි බෝග ගේනවා කියලා. නැත්නම් හිතයි CID කට්ටිය මහින්ද මහත්තයට තෑගි බෝග එවල කියලා..” කියමින් ආරක්ෂක අංශ දඩි බිඩියේ මේ යුවල නතර කරගෙන තියනවා..

ඔහොම ටිකක් ඉදලා මෙයාල ඇතුලට ගිහින් මහින්ද මහත්තයට තෑගි බෝග පිළිගන්වලා..සක්ෂියටත් අත්සන් කරගෙන තේ පැන් සංග්‍රහයකුත් විඳින ගමන් සතුටු සමිච්චියේ යෙදෙද්දී වෙච්ච ඇබැද්දියත් කියල..මනාල යුවල වෙනුවෙන් සාක්ෂියට විමල් විරවංශ මහත්තයත් අත්සන් කරන්න හිටිය..මේ සේරම වෙච්ච ඇබැද්දියට හිනා වෙනකොට.

” අද තවත් විවාහ උත්සවයකට අත්සන් කරන්න තිබෙනවා එක නිසා මම ගිහින් එන්නම් ..අද CID එකෙනුත් එනවනේ ප්‍රකාශයක් ගන්න” කියලා මහින්ද මහත්තයා නිවසින් පිටත් වුනේ අලුත් යුවලට සුබ පතලා.