News

මගීන් 83ක් රැගත් ගුවන් යානයක් ඇෆ්ගනිස්තානයට කඩාවැටේ

මගීන් 83දෙනෙකු රැගත් ඇරියානා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඇෆ්ගනිස්ථානයට කඩාවැටී අනතුරට ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය අනාවරණය කළේ අදාළ යානය උඩු ගුවනේදි ගිනිගැනීමකට ලක්ව අනතුරුව කාබුල් හි ඩෙහ් යක් දිස්ත්‍රික්කයේ ගහසානි ප්‍රදේශයට කඩා වැටී ඇති බවයි.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට අදාළ ගුවන් සේවය මාධ්‍ය වෙත තොරතුරු වාර්තා කර තිබේ.