අතන මෙතන

බෝපත්තලාව කඳු වැටියේ ගින්නක්

බෝපත්තලාව රජය ගොවිපලට බටහිර බැවුමේ පිහිටි බෝපත්තලාව කදුවැටියේ බගවන්තලාව ලින්ස්ටඩ් වතු යායට ඉහලින් වූ ප්‍රදේශයේ අද (21) දහවල් 12 ට පමණ ගින්න හටගෙන ඇත.

බගවන්තලාව පොලීසිය පවසන්නේ කවුරුන් විසින් හෝ මෙම ගිනි තැබීම සිදුකර ඇති බවයි.

බගවන්තලාව ප්‍රදේශයේ සිට බෝපත්තලාව රජයේ ගොවිපොල වෙත පිවිසමට ඇති අඩි පාරක් මෙම කදුවැටිය හරහා පිහිටා ඇති බවත් එම මාර්ගය ඔස්සේ බෝපත්තලාව රජයේ ගොවිපල දෙසට පිවිස අයෙකු විසින් මෙම ගිනි තැබිම සිදු කරන්නට ඇති බවට බගවන්තලාව පොලිසිය සැකකරයි.

ගින්න පාලනය කිරිමට බගවන්තලාව පොලිසියේ නිලධාරින් පිරිසක් මේ වන විට කදුවැටිය වෙත යොමු කර ඇත.

වන වගා රක්ෂිතය හරහා වටවල පොලිසිය වෙත පානිය ජලය ලබා ගත් ජල නලද ගින්නෙන් විනාශ වි ඇති අතර එම රක්ෂිතයේ විශාල වන වගා කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වටවල පොලිසිය සඳහන් කර සිටියේය.