brand logo

බේරුවල ධීවර වරායෙන් කොරෝනා රෝගීන් 20ක් හමුවෙලා

23 October 2020

මාළු වෙළඳාමේ නිරත ධිවර ප්‍රජාව කොරෝනා වසංගතයට ගොදුරු වෙමින් පවතින නිසා කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සහ කළුතර බල ප්‍රදේශ දැඩි අවධානම් තත්වයකට මුහුණ දී ඇතැයි කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්. සිංහබාහු මහතා පැවසිය. පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළඳපල සහ සම්බන්ධ වූ බේරුවල ධීවර වරායේ සේවකයින් 100 දෙනෙකු ඊයේ (22) දින පීසීආර් පරීක්‍ෂණවලට ලක්කළ බවත් එයින් 20 දෙනෙකු අද (23) මේවන විට ආසාදිතයින් බවට හඳුනාගත් බවත් ආර්. සිංහබාහු මහතා පැවසිය. මේ අනුව කළුතර දිස්ත්‍රික් ලේකම්ල කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂවරයා ඇතුලු කමිටුවක් එක්ව ගත් තීරණයක් අනුව බේරුවල ධීවර වරාය වසා දැමූ බවද හෙතෙම පැවසිය. අළුත්ගම නගරයේ ප්‍රධාන මත්ස්‍ය ව්‍යාපාරිකයෙකුට ද පසුගියදා කොවිඞ් වැළඳුණු බවට අද තහවුරුවීම නිසා අළුත්ගම නගරයේ මත්ස්‍ය වෙළඳපල ද වසා දැමිමට තීරණය කළ බවද ඔහු පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා අද උදෑසන (23) මාළු මිලදී ගැනිම සඳහා මේවන විට 700 ක පමණ පිරිසක් ධීවර බෙීරුවල වරාය පරිශ්‍රයට පැමිණ තිබෙන බවත් ඔවුන් සියලු දෙනාවම එහි රඳවාගෙන මෙි වනවිට පිසීආර් පරීක්‍ෂණ සිදුකිරීමට කටයුතු කරන බවත් පැවසීය. පසුගිය දෙසතියක පමණ කාලය තුළ පෑලීයගොඩ මත්ස්‍ය වෙළඳපලට සහ බෙීරුවල ධිවර වරායට ගිය අය වෙත්නම් නොපමාව ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා වෙත යොමුව පීසීආර් පරීක්‍ෂණයට පෙනීසිටින මෙන්ද කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සිංහබාහු මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි. මංගල එදිරිසිංහ - අඟුරුවාතොට
 

More News..