brand logo

බූස්ටර් නොගත්තොත් වෙන දේ

14 January 2022

වෛද්‍යවරුන්ගෙන් පැහැදිලි කිරීමක් 
පසුගිය 11 වැනි දා සිට 17 වැනි දා දක්වා ෆයිසර් බූස්ටර් එන්නත දීප ව්‍යාප්ත ව සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සහ සියලු ම රජයේ රෝහල්වල උදේ 08 සිට රාත්‍රී 08 දක්වා ලබා දුන්නත් ඊට ජනතාව යොමුවීමේ ඉතා අඩුවක් පෙනෙන්නට ඇති බවට වාර්තා වනවා.
විශේෂඥ වෛද්‍ය දිලිප් ලියනගේ සඳහන් කළේ, පළමු වැනි හා දෙවැනි මාත්‍රා ලබාගැනීම සඳහා ජනතාව තුළ පැවති උනන්දුව බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සඳහා නොමැති බව යි. කොවිඩ් මර්දනය සඳහා සිදු කරන එන්නත්කරණය ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බවට වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර තිබියදීත් මෙසේ ජනතාව ඒ ගැන උනන්දු නොවීම තුළින් සමාජය යළි ව්‍යසනයක් කරා යා හැකි බවයි විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ. පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තුන් වැනි රැල්ලේ දී මරණ අනුපාතිකය සහ සංකූලතා ඇති වීම ඉතා අඩු මට්ටමක පැවති බවද, මාස හයක් පමණ ගතවීමෙන් පසු කෙමෙන් අඩුවෙන ප්‍රතිශක්තිකරණය හමුවේ, නැවත රැල්ලක් පැමිණිය හොත් තත්ත්වය අවදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
 

More News..