අතන මෙතන

බීමත් ත්‍රීවීල් රියදුරු රඹුක්කන පොලිසියේ යකා නටයි

බීමත්ව සිටි පොලිසියට රැගෙන ආ පුද්ගලයකු පොලිසියේ දේපළවලට හානි කරමින් පොලිසියට බැන වදිමින් සිටි පුවතක් රඹුක්කන පොලිසියෙන් වාර්තා විය.

මොහු ඇතුගල් පේඩිගේ තිළිණ ප්‍රියංග නැමැති පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

රඹුක්කන මාවනැල්ල මාර්ගයේ අපරික්ෂාකාරි ලෙස රිය පදවමින් සිටි මෙම පුද්ගලයා රඹුක්කන පොලිස් රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන රඹුක්කන පොලිසිය වෙත නව වැනිදා රාත්‍රියේ ගෙන එන ලදී. පසුව පොලිස් නිලධාරීන් හට බැණ වදිමින් පොලිසියෙ දේපළ වලට හානි කර ඇති පුද්ගලයා පොලිසියට කට උත්තරයක් ලබා දීම ද ප්‍රතික්ෂේප කර ඇත .

පසුව දහවෙනිදා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් පුද්ගලයා වැඩි දුර නඩු විභාගය පසුවට කල් දාමින් රුපියල් පන්දහස ඇප මත මුදා හරින ලදී. රඹුක්කන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මැල්කම් පේට් මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති පො.ප. ජයතිස්ස, පො.සැ. දසනායක පො.සැ. බණ්ඩාර යන නිලධාරීන් වැඩි දුර පරීක්ෂණ කටයුතු කරයි .

රුවන් වර්ණසූරිය – රඹුක්කන