බස් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙකු මරුට - තිදෙනෙකුට බරපතලයි
02 December 2019
බස් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙකු මරුට - තිදෙනෙකුට බරපතලයි
02 December 2019
අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් මව සහ දියණියන් දෙදෙනා මිය ගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම අනතුර අද (02) සවස 2.00ට පමණ සිදුව ඇත.
හික්කඩුව දෙස සිට අම්බලන්ගොඩ දක්වා ධාවන වූ ත්‍රීරෝද රථයක මාතර බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුර සිදු කළ පුද්ගලික බස් රථය මාර්ගයේ වැරදි දිශාවෙන් ගමන් කර ඇත.
තුවාල ලැබූ තරුණියන් දෙදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව ජීවිතක්ෂයට පත්ව ඇති අතර අදාළ තරුණියන් තිදෙනොගේ මව අම්බලන්ගොඩ ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.