brand logo

බස්නාහිර සෞඛය මාර්ගෝපදේශ කඩකළ අය ඔසවාගෙන යයි

07 May 2021

සෞඛය මාර්ගෝපදේශ කඩක කරමින් සිටි පිරිස් සොයා කොළඹ ස්ථාන රැසක අද (07) දිනයේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත එම මෙහෙයුම් ක්‍රියාත්මක වී ඇත. ඒ අනුව කොටුව දුම්රියපොළ, කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය,මල්වත්ත පාර හා ගාලුමුවදොර ආශ්‍රිතව එම මෙහෙයුම් සිදුකර තිබේ. මේ අනුව මුහුණු ආවරණ නොමැතිව සහ මුහුණු ආවරණ නිසියාකාරව නොපැළඳ මාර්ගවල ගමන්ගත් පිරිස් වැඩි වශයෙන් එහිදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. නිරෝධායන රීති කඩකරමින් යතුරුපැදිවල ගමන් ගත් පිරිස් සහ බස්රථවල ගමන් ගත් පිරිස් කටයුතු කළ ආකාරය වීඩියෝ සාක්ෂි සහිතව අත්අඩංගුව ගෙන තිබේ. දැඩි ලෙස නිරෝධායන රීති උල්ලංඝනය කර තිබෙන පිරිස් සඳහා නඩු පැවරීමට කටයුතු කරන අතර සෙසු අය අවවාද කර මුදා හැරීමට කටයුතු කර තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
 

More News..