අතන මෙතන

බලන්ගොඩදි ඉන්ධන බවුසරයක් අනතුරට ලක්වෙයි

බලන්ගොඩ හල්පේ සුරතලි ඇල්ල අසලදි ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුරයක් පෙරලිමෙන් ඊයේ (11) පස්වරුවේ අනතුරක් සිදුව තිබුණි බව පොලිසිය පවසයි.

කොළඹ සිට බදුල්ල දෙසට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුරයක් මෙලෙස පෙරලි ඇති බව පොලිසිය කියයි. අනතුරින් ජිවිත හානි කිසිවක් සිදුව නොමැත. බවුරය පෙරලිමත් සමග එයින් ඛන්දු වෙන ඉන්ධන රැගෙන යැම සදහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් කටයුතු කල බවට වාර්තා විය. බස් රථයකට ඉඩ ලබා දිම සදහා යැමෙිදි මෙම ඉන්ධන බවුරය පෙරලි ඇති බව පොලිසිය සිදුකල මුලික විමර්ශන වලදි අනාවරණය කර ගෙන ඇත.

බලන්ගොඩ – එන් එස් ප්‍රියනන්දන