brand logo

බන්ධනාගාරෙන් රටටම විශේෂ පණිවිඩයක් (වීඩියෝ)

10 May 2022

සිරකරුවන් විරෝධතා කරුවන්ට පහර දීම ගැන ඇහෙන කතාව ඇත්තද?

වටරැක බන්ධනාගාරයේ සිටින රැදවියන් පිරිසක් ගාලුමුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන්ට පහරදුන් බවට සමාජ මාධ්‍යයේ පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි. ඔහු සදහන් කළේ වටරැක බන්ධනාගාර වැඩ කදවුරේ සිට වැඩ සහන ක්‍රමය යටතේ සිරකරුවන් පිරිසක් දිනපතා බාහිර ඉදිකිරීම් සදහා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතේ පිටතට රැගෙන යන බවයි. පුහුණු ශුමිකයන් බිහිකිරිම අරමුණින් එම කටයුත්ත සිදුකරන බව ද ඔහු පැවසීය. එලෙස එම කටයුතු අවසන් කර ඊයේ (09) දිනයේ නැවත වටරැක හෝමාගම බන්ධනාගාර කදවුරට නැවත පිටත් වු අවස්ථාවෙදී එම බස් රථ වලට ප්‍රකොප වු පිරිසක් පහර එල්ලකර ඇත. එහිදි සිරකරුවන් පිරිසක් තුවාල ලබා රොහල්ගත කර ඇති අතර නිලධාරීන්ටද තුවාල සිදුවි ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි. මේ ඒ පිළිබදව අදහස් දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක,  වටරැක බන්ධනාගාරයේ රැදවියන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝව https://youtu.be/l9PIuaLx80Q   මේ අතර මෙලෙස බාහිර ඉදිකිරීම් සදහා රැගෙන ගිය බන්ධනාගාර සිරකරුවන් 58 දෙනෙකු ප්‍රහාරයන් හමුවේ බිය වී මේ වන විට පලා ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි. එම සිරකරුවන් මේ වන විට මාලඹේ තලාහේන ප්‍රදේශයේ රැදී සිටින අතර, ඔවුන්ට කිසිදු කරදරයක් නොකරන ලෙසට හා ඔවුන් පිළිබදව තොරතුරු බන්ධනාගර දෙපාර්තමේන්තුවට දන්වා සිටින ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එම සිරකරුවන් බන්ධනාගාරයට දුරකථන ඇමතුම් වලින් තමන් සිටින ස්ථාන පිළිබදව දැනුම් දී ඇති අතර, ඔවුන්ට බන්ධනාගාර වලට පැමිණිය නොහැකි තත්ත්වයක් ඇති බව ද සදහන් කර තිබේ. අදාළ සිරකරුවන් අරගලයේ ගැටුම් වලට කිසිදු සම්බන්ධයක් නොමැති අතර, ඔවුන් ඊයේ (09) දිනයේ සේවය කිරීමට රැගෙන ගොස් ඇති ස්ථාන සහ සේවය සදහා යෙදවූ සිරකරුවන් සංඛ්‍යාව ද බන්ධනාගාර කොමසාරිස්වරයා ජෙනරාල්වරයා මාධ්‍යට දැනුම් දී ඇත. එය මෙසේය, කොල්ලුපිටියේ සිලාක් ආයතනයට රැදවියන් 30යි රාජගිරිය අයිකොනික් ආයතනයට රැදවියන් 105යි බත්තරමුල්ල මාගා ආයතනයට රැදවියන් 96යි මේ හැර කිසිදු රැදවියෙකු අරගලකරුවන්ට පහරදීමට රැගෙන නොගිය බව තුෂාර උපුල්දෙණිය අවධාරණය කරයි.
 

More News..