අතන මෙතන

බදුල්ලේ කාන්තා ඝාතනයේ සැකකරු අල්ලයි

බදුල්ල කයිලගොඩදී කාන්තාවක් කපා කොටා ඝාතනය කළ බව ට සැකකරන පුද්ගලයා මොණරාගල උත්සව ශාලාවක් සහිත අවන්හලක සේවය කරමින් සිටියදී ඊයේ (3) අත්අඩංගුවට ගෙන තිබේ .

ඔහු බදුල්ල බදුලුපිටියේ පදිංචි 31 වන වියේ පසුවන්නෙක් බවත් මරණකාරියගේ ඥාති මස්සිනා කෙනෙක් වන බවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි .

මෙසේ ඝාතනය කර තිබුනේ රවි අන්දප්පන් ගෞරීදේවී නැමති 48 හැවිරිදි කාන්තාවකි.

ඉකුත් 25වනදා උදේ 9.30 පමණ ඇගේ නිවස තුළදීම ඇය ඝාතනය කර තිබුණු අතර මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ සැකකරු මුදල් හා ස්වර්ණාභරණ කොල්ලයකට පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බව ද අනාවරණය වි තිබේ.

සැකකරුට අයත් යැයි සැක කරන පොලිතින් මල්ලක් මෙම නිවස අසළ සොහොන් බිමක තිබී සොයාගත් අතර එහි තිබි ඝාතනයට යොදගත් බවට සැකකරන පිහිය , කතුරක් ,අඩක් හිස්වු මත්පැන් බෝතලයක්. වෙලුම් පටියක්, අයිස්ක්‍රීම් කප් එකක් , කෙසෙල්ගෙඩි දෙකක්,හා පැට්රල් බෝතලයක් සොයාගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි

තුවාලකාරිය පොලිසිය විසින් බදුල්ල මහරෝහලට රැගෙන ගියත් රෝහලට ඇතුලත් කිරීමට පෙර ඇය මියගොස් තිබිණ .

කැපුම්තුවාල නිසා සිදුවූ අධික රුධිර වහනය මරණයට හේතුවු බව පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනාවරණය විය.

 

ඒ.එම්. කටුබුල්ල