අතන මෙතන

බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසැල් හෙට වසා දමයි

බණ්ඩාරවෙල නගරයේ පිහිටි තොග, සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට(30) දිනයේ වසා තැබීමට තීරණය කර ඇත.

නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා අද(29) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව සඳහන් කළේය.

බණ්ඩාරවෙල නගරයේ සංචාරක හෝටලයක සේවයේ යෙදී සිටි පුද්ගලයෙකු කොරෝනා රෝගයට ගොදුරු වීමෙන් අනතුරුව දින 14 ක කාලයක් නිරෝධායන කටයුතු සිදු කෙරෙන බැවින් මෙම තීරණය ගත් බව නගරාධිපතිවරයා සඳහන් කළේය.