brand logo
logo

පෞද්ගලික අංශයෙන් රජය රැපිඩි ටෙස්ට් කට්ටල ගත්තා කියන්නේ අමූලික බොරු

08 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ රෝගීන් හඳුනාගැනීම සඳහා භාවිත කරන "ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල" ආනයනය කිරීම සඳහා රජය විසින් කිසිදු පෞද්ගලික ආයතනයක් හරහා මෙරටට ගෙන්වා නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පෙරවරුවේ අනුරාධපුර මෙත්සිරි සෙවනේ පැවති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා.... ගෙනල්ලා තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සහිත සමාගම් විසින් පෞද්ගලික අංශයේ භාවිතය සදහා. ඒවා අපි රජයට අරගෙන නැහැ. මේ වනතෙක් කිසිසේත්ම රජයට එහෙම හිතුමතේ ගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ සදහා ටෙන්ඩර් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්න ඕනෙ. රාජ්‍ය ඖෂධ් නීතිගත සංස්ථාව ඒ රටේ තියෙන ටෙන්ඩර් ක්‍රියාපටිපාටියට අනුව ඒ කටයුත්ත සිදුකරගෙන යනවා. ඒක තාම අවසන් වෙලා නැහැ. එතකොට පෞද්ගලික අංශය මගින් ගෙනල්ලා තියෙනවා නම් ඒක විසින් ගෙනාපු එකක් හෝ අපේ බලපෑමෙන් කරපු දෙයක් නෙවෙයි. රජය පැත්තෙන් තමයි අපිට වගකීමක් තියෙන්නේ. අපි මේ වන තෙක් එහෙම මිලදී ගැනීමක් කරලා නැහැ. එහෙම ප්‍රචාරයක් සමහර තැන්වල යනවා. අපි දැක්කා සමහර ප්‍රවෘත්ති.
 

More News..