පොහොට්ටුවේ ජාතික සමුළුවට සියල්ල සුදානම් - ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම අද
11 August 2019
පොහොට්ටුවේ ජාතික සමුළුවට සියල්ල සුදානම් - ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම අද
11 August 2019
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව ආරම්භ වීම අද පස්වරු 03.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.
මෙම සමුළුව සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වන අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීම මෙම සමුළුවේ දී සිදු වෙයි.
ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා පිළිබදව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.