brand logo
logo

පොලිස් ස්ථානාධිපතිවරුන් 72කගේ ස්ථාන මාරුවීම් වහාම අවලංගු කරයි

06 January 2019

පොලිස් ස්ථානාධිපතිවරුන් 72 දෙනෙකුට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුවීම් නියෝගය වහාම ක්‍රියාත්මක පරිදි අවලංගු කර තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු එම ස්ථාන මාරුවීම් අත්හිටුවීමට ජාතික පොලිස් කොමිසම නියෝග කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. ආරක්ෂක ලේකම්වරයාගේ නිර්දේශය සැලකිල්ලට ගෙන ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙලෙස එම පොලිස් ස්ථානාධිපතිවරුන් 72දෙදෙනාගේ ස්ථාන මාරුවීම් අවලංගු කර තිබෙනවා. පසුගිය 04 වන දා සිට පොලිස් ස්ථානාධිපතිවරුන් 72කට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලීසිය පියවර ගනු ලැබුවා.
 

More News..