News

රු.3000 අල්ලසට පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 08ක සිරදඬුවම්

රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා රුපියල් 3000 ක අල්ලසක් ගත් පොලිස්කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (03) දා සිට බරපතළ වැඩ සහිත වසර 08 සිර දඬුවමක් නියම කරයි.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා එම නියෝග නිකුත් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව ගොනු කළ නඩුවක තීන්දුව අද ප්‍රකාශයට පත් කරමිනි.

2014 වසරේ මෙම අල්ලස ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා 04 ක් යටතේ අල්ලස් කොමිසම සැකකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබි ඇත.

සිරදඬුවම ලැබී ඇත්තේ ගිරිදුරුකෝට්ටේ පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු බව සඳහන් වෙයි.