brand logo

පොලිස්පති හා හිටපු ආරක්ෂක ලේකම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග 

01 July 2019

පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් වහාම සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර තිබේ. බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක‍්‍රියා නොකිරීම මඟින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙන්ම අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පතිවරයා ප‍්‍රබල ලෙස රාජකාරිය පැහැර ඇති බවත් සඳහන් කරමින් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් නියම කර ඇත. මීට දින 05 කට පෙරනීතීපතිවරයා නිකුත් කළ මෙම නියෝගය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හේතූ දක්වන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාට ලිඛිතව නියම කර තිබේ.
 

More News..