ගොසිප්

පොලිස්පතිගෙ රැඟිල්ල ගැන නවීන් කිව්ව කතාව

ගෙවී ගිය සතිය ඇරඹුණේ ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් තිබූ බවට පොලිස් ඔත්තුකරුවෙකු කළ එළිදරව්වක් සමගය. අගමැති ඇතුළු මුළු ආණ්ඩුවේම අවධානය ඒ සදහා යොමු වූ අතර කඩිනම් පරීක්ෂණ ඇරඹීමට අගමැතිවරයා පොලීසිය භාර ඇමත් රංජිත් මද්දුම බණ්ඩාර හරහා නියෝග කළේය.

ඒ අතර දකුණු ආසියාවේ විශාලතම සාප්පු සංකීර්ණය කලම්බු සිටි සෙන්ටර් නමින් අගහරුවාදා අගමැති අතින් කොළඹ නවම් මාවතේ දී විවෘත වූ අතර ඊට චමිපික රණවක හා ජෝන් අමරතුංගද එක් විය. දෙස් විදෙස් ආයෝජකයන් හා සමාගම් රැසක්ද එහි තම ව්‍යාපාර ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණ.

බ්‍රහස්පතින්දා උදේම අගමැතිවරයා අරලිය ගහ මැදුරට ආවේ පාර්ලිමේන්තු යාමට පෙර රාජකාරී කිහිපයක් ඉටු කිරීමටය.

“පොලිසීයේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් සාමාන්‍ය ඔත්තුකරුවෙක් එක්ක දුරකථනයෙන් ජනපතියි හිටපු ආරක්ෂක ලේකම්වයි ඝාතනය කරන්න කතා කරාවිද? පොලිසියේ ඉන්නෙ ඒ තරමට වගකීමක් නැති අයද කියලයි මිනිස්සු අහන්නෙ” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවේය.

“මේකෙ ඇත්ත වහාම සොයන්න පරීක්ෂණ රස පරීක්ෂකට ඒ හඩ පටි යැව්වා. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණ කරනවා. අදාළ නියෝජ්‍ය පොලිස්පති අනිවාර්ය නිවාඩු යැවුවා. පොලිසියේ ඉහළ හා පහළ නිලධාරීන් හැමදාම තරගෙට ගහගන්නවා. ඒවා ජනතාවට වැදගත් නෑ. මේ කතාවත් එහෙම ආපු එකෙක්දැයි අපි සොයනවා” අගමැතිවරයා පැහැදිලි කළේය.

“මේ සිද්ධිය හරහා පොලිස්පතිට ප්‍රහාර එල්ල කිරීමත් විපක්ෂයේ ඉලක්කයක්. ඔහු හොදට වැඩ කළත් ජනමාධ්‍ය ඉස්සරහ රඟන එකනම් නවත්තන්න වෙනවා. නවීන් දිසානායක කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.