අතන මෙතන

පෙම්වතෙක් ගුටිකා නිරෝධායනයට

ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය සෙනසුරාදා අනන්‍යතාවය හෙලිනොකර  දෙහිඅත්තකණ්ඩිය විජයපුර ගම්මානය පුරා ඉබාගාතේ අවිදිමින් සිටි පිටස්තර  ගම්මානයක පුද්ගලයෙකුට ගම්වාසීන් විසින් පහදී ඇත.

ගම්වාසීන්ගේ පහර කෑමෙන් තුවාල ලබා සිටි මෙම පුද්ගලයා දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය  වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මැදිහත්වීමෙන් ප්‍රතිකාර සහ දින 14 ක නිරෝධායන  කටයුතු සදහා වැලිකන්ද මූලික රෝහලට ඇතුලත් කර ඇත.

ඒ.එම්.සුමේධ නමින් හදුනාගෙන  අති මෙම තරුණයා තම පෙම්වතිගේ සුවදුක් බැලීම සදහා පිටස්තර ගම්මානයක සිට  විජයපුරට පැමිණ ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට පසුව අනාවරණය වී
ඇත.

සිරිපුර – ප්‍රසන්න සිල්වා