පූර්ණ තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකාව අද හරාරේ පිටියට
27 January 2020
පූර්ණ තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකාව අද හරාරේ පිටියට
27 January 2020
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අද (27 වැනිදා) හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලිය සමව අවසන් කර ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය සිම්බාබ්වේ කණ්ඩායමට ඉතා වැදගත් වන අතර තරග 1- 0ක් ලෙස ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාව පූර්ණ තරග ජයග්‍රහණයක් සොයමින් අද තරගයට පිවිසෙනු ඇත. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30ට පමණ ආරම්භ වේ.
මෙම තරගාවලියේ පළමු තරගය කඩුළු 10කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය. එහිදී නොදැවී වාර්තා වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ ලකුණු 200 කැපී පෙනුණු අතර සුරංග ලක්මාල් සහ ලසිත ඇඹුල්දෙණිය කඩුළු 7 බැගින් ද බිද හෙළුහ. මෙම තරගයේදීත් සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශෝන් විලියම්ස් වෙත පැවරී තිබේ. සිම්බාබ්වේහි ප්‍රධානතම වේග පන්දු යවන්නා වන ටෙන්ඩායි චතාරා ආබාධයකට ලක්ව තිබීම නිසා ඔහු මෙම තරගය ද ක්‍රීඩා කිරීම අවිනිශ්චිත වේ.
මෙතෙක් ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායමකට අවස්ථාවක් ලැබී නොමැත. දෙරට අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග 19න් ශ්‍රී ලංකාව තරග 14ක් ජයගන්නා අතරවාරයේදී සෙසු තරග 5 ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ.
අද ඇරඹෙන තරගයට ක්‍රීඩා කළ හැකි යැයි අනුමාන කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම....,
දිමුත් කරුණාරත්න (නායක)
ඕෂධ ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිවිස්
දිනේෂ් චන්දිමාල්
ළහිරු තිරිමාන්න
ධනංජය ද සිල්වා
නිරෝෂන් දික්වැල්ල
දිල්රුවන් පෙරේරා
ලසිත් ඇඹුල්දෙණිය
ළහිරු කුමාර
විශ්ව ප්‍රනාන්දු
කසුන් රාජිත
ලක්ෂාන් සදකැන්
සුරංග ලක්මාල්
තරගය ක්‍රීඩා කළ හැකියැයි අනුමාන කළ හැකි සිම්බාබ්වේ කණ්ඩායම....
ශොන් විලියම්ස් (නායක)
සිකන්දර් රාසා
රෙගිස් චකබ්වා
ක්‍රෙයිග් අර්වින්
කයිල් ජාවිස්
කෙවින් කසූසා
ටිම්සෙන් මස්රුමා
ප්‍රින්ස් මස්වවුරා
බ්‍රයන් මුඩ්සිග්න්යමා
කාල් මුම්බා
එයින්ස්ලි ඩිවොච්
වික්පර් නවුචි
බ්‍රෙන්ඩන් ටේලර්
ඩොනල්ඩ් ට්‍රිපානෝ
චාල්ටන් ෂූමා